Google සමාගමෙන් Huawei ආයතනයට වාරණයක්

Google සමාගම විසින් Huawei ආයතනය සදහා වාරණයක් නිකුත් කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරනවා. ඒ සමග Huawei ආයතනය මගින් නිෂ්පාදිත ජංගම දුරකතනවලට මින් ඉදිරියට Google Security Updates සහ Technical Support නොලැබී යනු ඇති බවයි සදහන් වන්නේ.

Google සමාගමේ මෙම තීරණයත් සමග ඉදිරියේදී නිකුත්වන Huawei දුරකතන සදහා Open Source License යටතේ android මෙහෙයුම් පද්ධතිය ලබා දුන්නද, Gmail, Google Play, Google Maps, YouTube වැනි කිසිදු සේවාවාක් එම දුරකතනවලට හිමි නොවන බව සඳහන්.

චීනය තුල මෙම Google Apps බොහෝමයක් අතීතයේ සිටම එරට රජය විසින් තහනම් කර තිබූ නිසා Huawei ආයතනයට එය එතරම් බලපෑමක් නොවූ නමුත් ඔවුන්ගේ ගෝලීය වෙළෙඳපොළට සැලකිය යුතු බලපෑමක් සිදුව තිබෙන බව වාර්තා වෙනවා. එම නිසා හැකි ඉක්මනින් නැවතත් Google සමාගම සමග ගිවිසුමකට එලබීම හෝ තමන්ටම ආවේනික වූ අන්තර්ජාල සේවාවන් ගොඩනගාගැනීමට Huawei ආයතනයට සිදුවී තිබෙනවා.


Google සමාගම දැනට භාවිත කරන Huawei දුරකථන සඳහා ගූගල් Play Store හරහා නවතම ඇප්ස් බාගත කරගැනීමේදී පවා දෝශ ඇතිවිය හැකි බවයි වාර්තා වෙන්නේ.

මේ සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් නිකුත් කරමින් Huawei සමාගමේ ප්‍රධාන විධායක රෙන් පවසන්නේ ⁣තම නිෂ්පාදන⁣ ලොව ඉතා වේගයෙන් ජනප්‍රිය වන්නට පටන් ගැන්ම නිසා ඇමරිකානු දුරකථන නිෂ්පාදන සමාගම්වලට එල්ලවන පහර වැලැක්වීමට ඇමරිකානු සමාගමක් වන Google සමාගම මෙය සිදුකරන්නට ඇති බවයි.

Recommended For You

About the Author: Editor