
ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රතිඵල හෙට (23) නිකුත් කරනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ලෝකයේ විශාලතම ප්රජාතන්ත්රවාදී මැතිවරණය වන ඉන්දීය මහ මැතිවරණය මාසයකට ආසන්න කාලයක් පුරා පැවැත් වුණා. ඒ සඳහා ඡන්දදායකයින් මිලියන 900ක් ඡුන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටියා.
මෙම මැතිවරණය පිළිබඳ අනාවැකි කියන ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදි යළිත් පහසුවෙන් ඉන්දියාවේ බහුතර බලය තහවුරු කර ගනු ඇති බවයි.
එහෙත් දකුණු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තය හැර අන් ප්‍රාන්තවලින් මෝදි දැඩි පසුබෑමකට ලක්වනු ඇති බවට ඔවුන් අනාවැකි පළ කරනවා.