කාලගුණ අනාවැකිය : බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් 2019 මැයි මස 22 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කෙරේ.

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම, ඌව, උතුරු-මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්ව්නියාව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස 2.00න්පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම්සහිත වැසි ඇතිවේ.

මධ්‍යම,සබරගමුව,දකුණු සහ ඌව පළාත්වලත්කළුතර දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථාන වලට මි.මී.100ක පමණ තරමක තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

ගිගුරුම්සහිතවැසි ඇතිවනවිට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක

ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය

පුත්තලම සිට කොළඹ, ගාල්ලසහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝගිගුරුම්සහිතවැසිඇති වේ.

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-30 පමණ වේ.

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල්හරහාමඩකළපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැක.

Recommended For You

About the Author: Editor