
පසුගිය දා දිවයිනේ ප්රදේශ කිහිපයක ඇති වූ ගැටුම්කාරී තත්ත්වයන් හේතුවෙන් හානි සිදු වූ මුස්ලිම් දේවස්ථාන ප්රතිසංස්කරණය කිරීම හා එම ගැටුම් හේතුවෙන් සිදු වූ හානි වෙනුවෙන් ද මීට පෙර පාස්කු ඉරිදා බෝම්බ ප්රහාරවලින් සිදු වූ හානි වෙනුවෙන් ගෙවීමට තීරණය කරන ලද ක්රමවේදය යටතේ ම වන්දි ගෙවීම පිණිස අගමැති රනිල් වික්රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් මණ්ඩල පත්රිකාවට ඊයේ (21) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය හිමිවී ඇත.
මේ සමග කැබිනට් ඇමැතිවරුන් විසින් විවිධ විෂයන් යටතේ ඉදිරිපත් කරන ලද කැබිනට් පත්රිකා 26කට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.