ප‍්‍රභූ වාහන ගමන් කිරීමේ දී මහජනතාවට අවහිර වන පරිදි මාර්ග වසා නොතබන ලෙස ජනපතිගෙන් ආරක්ෂක අංශවලට උපදෙස්

ප‍්‍රභූ වාහන ගමන් කිරීම සදහා මහජනතාවට අවහිර වන පරිදි මාර්ග වසා දැමීම කිසිදු අයුරකින් සිදු නොකළ යුතු බවට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මහතා උපදෙස් දී තිබේ. ඊයේ (21) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ද ජනාධිපතිවරයා මේ පිළිබද අවධානය යොමු කළේය.

ප‍්‍රභූ ආරක්ෂක රථ ගමන් කිරීමේ දී මාර්ග වසා තැබීම හේතුවෙන් මහජනතාවට සිදුවන අපහසුතාව පිළිබ`ද සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව අදාළ ප‍්‍රභූවරුන්ගේ ආරක්ෂක අංශ නිලධාරින් මේ පිළිබද දැනුවත් කරන ලෙසත්, සාමාන්‍ය ජනතාවට කිසිදු අයුරකින් අවහිරයක් ඇති නොවන අයුරින් ප‍්‍රභූ රථ ධාවනය කිරීමට ඔවුන්ට උපදෙස් නිකුත් කරන ලෙසත් වැඩිදුරටත් අදාළ අංශ දැනුවත් කොට තිබේ.

Recommended For You

About the Author: Editor