
ඉදිරියේ දී රන් භාණ්ඩ සදහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රමිති සහතික මුද්‍රාව අනිවාර්ය කිරීමටත්, එම මුද්‍රාවෙන් තොරව රන්භාණ්ඩ අලෙවිකරණ ස්වර්ණාභරණ අලෙවිසල් වැටලීමි සිදු කොට නීතිය කි‍්‍රයාත්මක කිරීම පිළිබදවත් අවධානය යොමු වෙයි.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ ජාතික මැණික් හා ස්වර්ණාභාරණ අධිකාරියේ පැවති සාකච්ඡුාවක දී මේ පිළිබ
ද අවධානය යොමු කෙරිණි.
විෂයභාර අමාත්‍යවරයා ලෙස අද පෙරවරුවේ කොල්ලූපිටියේ පිහිටි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත ගිය ජනාධිපතිතුමා එහි කටයුතු සොයාබැලීමෙන් අනතුරුව කාර්ය මණ්ඩලය සමග ප්‍රගති සමාලෝචන රැුස්වීමකට ද එක් විය.
ප්‍රමිතියෙන් තොර රන් භාණ්ඩ අලෙවිය වෙළෙ
දපොළ තුළ බහුල වීම හේතුවෙන් ස්වර්ණාභරණ අලෙවි කිරීමේ දී ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රමිති මුද්‍රාව ලබා ගැනීම අනිවාර්ය කිරීමට තීරණය කර තිබේ.
මෙම ප්‍රමිති සහතිකය ලබා ගැනීම පිළිබදව සියලූ ස්වර්ණාභරණ අලෙවිකරුවන් දැනුවත් කිරීමත්, රන් භාණ්ඩ මිල දී ගැනීමේ දී සුපරික්ෂාකාරී වීමට ජනතාව දැනුවත් කිරීමේ වැදගත්කමත් ජනාධිපතිතුමා මෙහි දී පෙන්වා දුන්නේය. ඉන් අනතුරුව ඉදිරියේ දී අදාළ නීති රීති විධිමත් අයුරින් කි‍්‍රයාවට නැංවීමට ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබීය.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වත්මන් කි‍්‍රයාකාරිත්වය සහ ඉදිරි සැලසුම් පිළිබ
දව ද මෙහිදී සාකච්ඡුාවට බදුන් කෙරිණි. මැණික් ඉඩම් ස
දහා බලපත්‍ර ලබාදීමේ දී මතුව ඇති ගැටලූ, කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේ රන් නිෂ්කාෂණ කටයුතු වැනි කරුණු පිළිබදව සාකච්ඡවට ලක් විය.