මින් පසු මිශ‍්‍ර පාසල් ම පමණයි – අධ්‍යාපන ඇමැති

මින් පසු රට තුළ ආගමික පදනමින් පාසල් පිහිටුවීමට අවසර නොදෙන බවත් අලූතින් පිහිටුවනු ලබන සියලූ පාසල් මිශ‍්‍ර පාසල් විය යුතු බවට නීති සම්පාදනය කරන බවත් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අද අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන ඇමැතිවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන ඇමැතිවරයා කියා සිටියේ මේ වන විට ආගමික පදනමක් හෝ නාමකරණයක් මත ක‍්‍රියාත්මක වන පාසල් ද ඉදිරියේ මිශ‍්‍ර පාසල් බවට පත් කිරීමට පියවර ගන්නා බවයි. උදාහරණයක් ලෙස කොළඹ ආනන්ද විද්‍යාලය මුස්ලිම් සිසුන්ට ද කොළඹ සහීරා විද්‍යාලයට බෞද්ධ සිසුන්ට ද ඇතුළත් වීමට අවස්ථාව හිමිවිය යුතු බව ඇමතිවරයා සඳහන් කළේය.

වර්තමානයේ ලංකාව තුළ නිර්මාණය වෙමින් තිබෙන ආගමික හා ජාතික විභේදනය විසඳීමට ඇති එකම මග ද සියලූම ආගම්වලට අයත් සිසුන් එකම පාසලක් තුළ අධ්‍යාපනය ලැබීම බව ද ඇමැති අකිල වැඩි දුරටත් සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor