
මෙවර යල කන්නය මහවැලි බල ප්‍රදේශයන් තුළ අප්‍රේල් 20 වැනි දා සිට ආරම්භ කෙරිනි.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ජල පාලන ලේකම් කාර්යාලය පවසන්නේ යල කන්නය සදහා වී වගාව 75% ක් හා අතිරේක බෝග වගාව 25% ක් ලෙසින් සිදු කිරීමට බොහෝ මහවැලි කලාපයන් සදහා නිර්දේශ කර ඇති බවයි.
මොරගහකන්ද – කළුගඟ ජලාශ ව්‍යාපෘති නිසා මෙවර වගා බිම් ප්‍රමාණය වැඩි කර ගැනීමට විශේෂ අවස්ථාවක් ඇතිවී තිබෙන බව ප්‍රකාශ කරන ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මෙවර රට තුල ඇතිවූ වියළි කාලගුණ තත්ත්වයන් හේතුවෙන් ලැබුණු අඩු වර්ෂාපතන තත්ත්වය නිසා කොත්මලේ, පොල්ගොල්ල, වික්ටෝරියා, රන්දෙණිගල ආදී ජලාශයන්හි ජල ධාරිතාවය ඉතා අඩු ප්‍රමාණයක පවතින බව පවසයි.
ඒ නිසා 2019 යල කන්නයේ එච් කලාපයේ සහ හුරුලූවැව මහවැලි කලාපයේ බෝග වගාවන්හිදී සමස්ථයක් ලෙස අතිරේක බෝග වගාවන් 50%ක් පමණක් වගා කිරිමට නිරිදේශ කොට තිබේ.
මහ කන්නය තුල ඉහළ වී අස්වැන්නක් නෙලාගත් බැවින්, එම කලාපයන් දෙකෙහි අතිරේක බෝග පමණක් වගා කිරීම රටේ සමස්ථ වී අස්වැන්නට කිසිදු බලපෑමක් නොවන බව ද ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර සිටියි.