
දිවයිනේ ඇති සියළුම වීථි නාම පුවරු සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා වලින් පමණක් සමන්විත විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (මැයි 22) දින අභ්‍යන්තර කටයුතු, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන ඇමැති වජිර අබේවර්ධන මහතා වෙත උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කරයි.
සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂා හැර වෙනත් භාෂා වලින් කිසිදු වීථි නාම පුවරුවක් නම් නොකළ යුතු බවත් අග්‍රමාත්‍යවරයා උපදෙස් දී ඇත.