ඉන්දීය කණ්ඩායම සමබරයි – ඉන්දීය නායක චිරාට් කෝලි

ලෝක කුසලානය ආරම්භ වීමට තව තිබෙන්නේ හරියටම සතියයි. ඒ නිසා බොහොමයක් කණ්ඩායම් මේ වන විටත් එංගලන්තයට පැමිණ අවසන්.

මේ අතර ක‍්‍රීඩා විචාරකයින්ගේ වැඩිම අවධානයට යොමු වෙලා තිබෙන චිරාට් කෝලි නායකත්වය දෙන ඉන්දීය කණ්ඩායම ඊයේ මුම්බායිහිදී මාධ්‍ය හමුවට පැමිණියා. එහිදී ඉන්දීය නායකයා කියා සිටියේ ඉතාම සමබර කණ්ඩායමක් තමන් සතුව සිටින බවයි. ඔවුන් සියලු දෙනාම සුපුරුදු රිද්මයට පැමිණ ඇතැයි ද කෝලි සඳහන් කළා.

මේ කෝලි වැඩි දුරටත් කියන කතාව

“සුදු පන්දුවෙන් එංගලන්තයේ ක්‍රීඩා කරන එක, එහෙමත් නැත්නම් ICC. තරගාවලියක් වැනි තරගාවලිදි පවතින තත්ත්වයන් වල එතරම් වෙනසක් මා දකින්නේ නෑ. නමුත් මෙවැනි තරගාවලියකදී පීඩනය හරියට හසුරුවා ගන්නවා කියන්නේ ඉතාම වැදගත් දෙයක්. එය කණ්ඩායමකට ඉතාමත් වැදගත් වෙනවා”.

“අපි ලෝක කුසලාන තරගාවලියට පිටත්ව යන්නේ ඉතාමත් සමබර සහ ශක්තිමත් කණ්ඩායමක් විදියට. ඔබ IPL තරගාවලිය බැලුව නම් ඒ ගැන හොඳටම පේනවා. කණ්ඩායමට ඇතුළත් වෙලා ඉන්න හැම ක්‍රීඩකයම වගේ ඉතා හොඳ රිද්මයකට පැමිණිලා සිටිනවා”

“ලෝක කුසලාන තරගාවලිවලදී තරගකාරීත්වයෙන් වැඩිම ලෝක කුසලාන තරගාවලිය මේ තරගාවලිය වෙන්න පුළුවන්. මොකද තරගාවලිය පවත්වන ස්වභාවය අනුව ක්‍රීඩා කරන රටවල් සියල්ලම ශක්තිමත් කණ්ඩායම් නිසා”

“අපේ සුපුරුදු දක්ෂතා අතර සැරි සැරීමට සමත් වුවහොත්, අපි ලෝක කුසලානයේ හරි තැනට බොහෝ විට රැගෙන යාවි. එය තමයි මේ තරගාවලියේ ඉදිරියට යන්න තියෙන යතුර” යැයි චිරාට් කෝලි වැඩිදුරටත් පවසයි.

Recommended For You

About the Author: Editor