
රිෂාඞ් බදුර්දීන් ඇමැතිවරයාට එල්ල වී ඇති චෝදනා විමර්ශනය කිරීම සඳහා අද පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ගැටලුවට විසඳුමක් නොව එය යට ගැසීම සඳහා ගත් වෑයමක් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.
අද ශ්‍රීලනිප මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී මහ ලේකම්වරයා මේ බව කියා සිටියේය.
එහිදී මහින්ද අමරවීර මහතා කියා සිටියේ එ.ජ.නි.ස හෝ ශ්රීලනිපය හෝ එකී කාරක සභාවට සහභාගී නොවන තීරණයක් ගෙන ඇති බවයි.