ත‍්‍රස්තවාදය හා එහි සමාජ පසුබිම පාලනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ වහා නීති සම්මත කල යුතුයි – ඇමති චම්පික රණවක

ත‍්‍රස්තවාදය සහ එහි සමාජ පසුබිම පාලනය කිරීම සඳහා පාර්ලිමේන්තුව වහාම නීති සම්මත කළ යුතු යැයි ඇමැති චම්පික රණවක මහතා කියයි. පාර්ලිමේන්තු විවාදයේදී ඇමැතිවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා,

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහරයත් සමගම අපේ රාජ්‍යයේ මූලික කාරණයක් පිළිබඳ ගැටළුවක් පැණ නැගුණා. එය තමයි මේ රාජ්‍යය බිහි වීමේදී ජනතාවගේ ආරක්‍ෂාව සඳහා ජනතාව සතු යම් අවි ආයුධ තිබෙනවා නම් රාජ්‍යයට භාරදීලා තමයි රාජ්‍ය ජනතාවට ආරක්‍ෂාව දෙන්න සන්නද්ධ සේනාංක, ඒ වගේම නීති රීති පැණ නැගිලා තිබෙන්නේ. මේ සිදුවීමත් සමගම ජනතාවගේ ආරක්‍ෂාව රාජ්‍යයට සපයන්න බැහැයි කියන විශ්වාසයක් ජනතාව තුළ ඇති වුණා. ඒ නිස ආරක්‍ෂක අංශවලට මෙහෙයුම් කටයුතු කිරීමේ පහසුව තකා හදිසි නීතිය ගෙන එන්න සිදුවුණා.

හදිසි නීතිය ගෙනාවට පස්සේ මෙ රටේ තිබෙන අත්දැකීම තමයි ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහසත් ජාතික ආරක්‍ෂාවත් කියන මේ දෙක අතරේ සමබරතාවයක් ඇති කර ගන්න ආරක්‍ෂක අංශ  රජය සමත්වේද කියලා. රජයේ එකම අරමුණ මේ සඳහා ත‍්‍රස්තවාදය මර්ධනය කිරීම එනමුත් ඒ අතරේ ජනතාව විශාල අපහසුවයන්ට පත්වෙනවා මොකද ජනතාවගේ යම් යම් පාසල්වලට, කාර්යාලවලට යන්න ගියහම ඒ අය පරීක්ෂා කරන්න, ඇතැම්විට ඒ අයගේ පෞද්ගලිකත්වයට ප‍්‍රශ්න පැණ නැගිලා තිබෙනවා.

නමුත් අපේ ආර්ථිකයට සමාජයක් හැටියට සුරක්ෂිත රටක් ඇති කරන්න ගියහම මෙවැනි කැපකිරීම් කරන්න අපට සිදු වෙනවා. එනිසා රජයක් හැටියට අපට වගකීමක් තිබෙනවා හදිසි නීතිය අත්‍යාවශ්‍යයි මේ ත‍්‍රස්තවාදය මර්ධනය කරන්න.  නමුත් ඒ අතරේ ජනතාවගේ ආර්ථික වර්ධනය, ජනතාවගේ සමාජ නිදහස ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් අතර සමබරතාවයක් ලගා කර ගැනීම අත්‍යාවශ්‍ය වෙනවා මේවා කි‍්‍රයාත්මක කිරීමේදී.

මේ අයිඑස්.අයිඑස් ත‍්‍රස්තවාදය එහෙම නැත්නම් මේ ඉස්ලාමීය කලිපාතය, ඒ අය ඇතැම් අය විස්තර කරන්න හදනවා ඉස්ලාම් රටවල සිදුවෙච්ච බටහිර රටවල ප‍්‍රහාරයේ ප‍්‍රථිපළයක් හැටියට, පීඩනයේ ප‍්‍රතිපළයක් හැටියට මේ ත‍්‍රස්තවාදය බිහි උනයි කියලා. මේ ත‍්‍රස්තවාදයේ ගමන්මග පිළිබඳව ඉතාම විධිමත් විග‍්‍රහයක් ඉරාකයේ මේ ත‍්‍රස්තවාදයේ ඇතිවේච්ච අවස්ථාවේදී අල්සර්කාවිය විසින් මේ ත‍්‍රස්තවාදය 2004 දී ඉරාකයේ මොසූූල් නගරයේ පිහිටෙව්වට පස්සේ් ඔහුගේ න්‍යායවාදියා වෙච්ච අල්නජී ඔහු විසින් වැදගත් කෘතියක් කළා. ඒ කෘතියේ නම අ මැනේජ්මන්ට් ඔෆ් සැවේජරි. කොහොමද මේ ව්‍යසනය පාවිච්චි කරලා ඉස්ලාමීය කලිපාතයක් කරා යන්නේ කියලා. එතනදී ඔවුන් සෙසු මුස්ලිම් සමාජයෙන් වෙන්වෙලා යන වැදගත් දාර්ශනික නිගමන දෙකකට ආවා. එකක් තමයි මේ ලෝකයේ පවතින්නේ එකම දෙවියෙක් පමණයි කියන ඒ තවාහිද් දර්ශණය. එ අනුව වෙනත් දෙවිවරු පවතින්න විදිහක් නැහැ. ඒ දෙවිවරු අදහන අය පවතින්න විදිහක් නැහැ. දෙවිවරු අදහනනේ නැති අය පවතින්න විදිහක් නැහැ. දැන් ඔබ මතක තබා ගත යුතුයි මෙය තමන්ට බෝම්බ හෙල එක්සත් ජනපදයේ, බටහිර රටවල්වලට එරෙහි සටනක් පමණක් නෙමෙයි මේ ඇදහීම අදහන්නේ නැති වෙනත්  ඕනෑම කෙනෙකු ඝාතනයක කිරීම විනාශ කිරීම අරමුණු කර ගත්ත කි‍්‍රයාවලියක් තමයි මේ ඉස්ලාමීය කලිපාතය නමින් පෙනී හිටපු ත‍්‍රස්තවාදීන්ගේ අරමුණ වෙලා තිබෙන්නේ. සිරියාවේ හෝ ඉරාකයේ බෝම්බ දැමීමට කිසිම සම්බන්ධයක් නැති කොච්චි කඬේ ජීවත් වෙච්ච ජනතාව, එහෙම නැත්නම් මීගමුවේ, මඩකලපුවේ ජීවත් වෙච්ච ඒ ජනතාව ඝාතනය කිරීමට මේ ත‍්‍රස්තවාදීන් පියවර ගත්තේ, ඉදිරි කාලයේදීත් පියවර ගනු ඇත්තේ.

ඒ නිසා අපි පැහැදිලිව මතක තබා ගත යුතුයි මේ සමාජ, ආර්ථික, දේශපාලන විග‍්‍රහ දෙනකොට මේ නව ත‍්‍රස්තවාදය කිසි විටෙක පීඩනයේ ප‍්‍රශ්නයක් පමණක් නෙමෙයි, පීඩනයේ ප‍්‍රශ්නයක් නම් ඒ සටන විය යුත්තේ සිරියාවේ ඉරාකයේ. ඒවා අත්පත් කරගෙන සිටින හමුදාවන්ට එරෙහිව. මේ කලායේ කි‍්‍රස්තියානි ප‍්‍රජාවනට පහර දෙන්න, මෙය කුරුස යුද්ධයේ දිගුවක් හැටියට දකින්න ඔවුන් පියවර ගන්නේ ඔවුන්ගේ තවාහිද් චින්තනය තුළයි. ඒක පළවෙනි කාරණය. දෙවෙනි කාරණය මේ අල්නාජි ඉතා පැහැදිලිව පෙන්වා දී තිබෙනවා 2004 දී කෙසේද මේ ව්‍යසනයේ දඩබිම ව්‍යාප්ත කරමින්, මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කරමින් මිනිසුන් ඝාතනය කරමින්, ලේ වැකුණ       දඩබිමක් කළාට පස්සේ, පාලනය කරන්න පාලකයින්ට තිබෙන අවශ්‍යතාවය, උවමණාව, අභිලාෂය දියකර හරින්න කියලා.  ඒ ආකාරයට මහජන ඝාතනයක් මගින් සමූහ ඝාතනය මගින්, ජනතාව ලක්ෂ සංඛ්‍යාත වශයෙන් අනාථ කිරීම මගින්, දරුවන් පාරට ඇද දැමීම මගින් ඇතිවන මහා ඛේදවාචකය ඉදිරියේ අනිවාර්යයෙන්ම පාලකයින්ට පාලනය කිරීමට ඇති අභිලාෂය ගිලිහි යනවා. ඒ අවස්ථාවේදී අපට කලිපාතය බිහිකරන්න පුළුවන් කියන එක තමයි ඔහුගේ යෝජනාව, දාර්ශනික කියවීම උනේ.

ඒ අනුව ඔවුන් 2014 ජූනි මාසේ 28 වෙනිදා ඒ ඉස්ලාමීය කලිපාතය පිහිටුවීම සඳහා කටයුතු කළේ. දැන් ඒක ගොඩබිමේ පවතින එකක් නෙමෙයි. නමුත් ඒ අදහසත් එක්ක විදේශීය සටන් කරුවන් ලෝකය පුරා ගමන් කරලා, ඒ ගමන් කළ පිරිස් අද ඒ ඒ රටවල ත‍්‍රස්තවාදය විමධ්‍යගතකරණය කරලා තිබෙනවා. ඒ වගේම මේක කණ්ඩායම් වශයෙන් කරන ත‍්‍රස්තවායකුත් නෙමෙයි. අන්තර්ජාලය මගින් රැුඩිකල්කරණයට ලක් වෙලා තනි පුද්ගලයෙක් විසින් ව්‍යසනයන් කරන ආකාරය අපි යුරෝපා රටවල්වල හා අනෙක් රටවල දැක්කා. සමහරවිට ඒක මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් විය හැකියි. මරාගෙන මැරෙන රථවාහන ප‍්‍රහාරයක් විය හැකියි. සමහරවිට අවි ආයුධ පාවිච්චි කරලා කරන දෙයක් විය හැකියි. චීනයේ හෝ අනෙක් රටවල කළා වගේ කඩු හෝ කැපෙන ආයුධ කරන දෙයක් විය හැකියි. ප‍්‍රංශයේ අපි දක්කා වගේ වාහනවලින් ගිහිල්ලා මිනිසුන් යට කරගෙන කරන ඝාතනයක් වෙන්න පුළුවන්. ඒ අවස්ථාවට උචිත විදිහට ඒ ත‍්‍රස්තවාදයේ එකම අරමුණ ව්‍යසනය ව්‍යාප්ත කිරීම. ව්‍යසනය කි‍්‍රයාත්මක කිරීමෙන් පස්සේ තමන්ට අවශ්‍ය කරන් ඉස්ලාමීය රාජ්‍ය ල`ගා කර ගැනීම තමයි ඒ ත‍්‍රස්තවාදීන්ගේ චින්තනය.

ඒ පියවර දෙකේ පළවෙනි පියවරට අපි අපේ රට අද මුහුණ දී තිබෙන බව මතක තබා ගත යුතුයි. ඒ වගේම මේ ත‍්‍රස්තවාදය මර්ධනය කිරීමේදී ආරක්‍ෂක අංශවල විධිමත් භාවය. තොරතුරු හා තොරතුරු හරහා කරන ආරක්‍ෂක මෙහෙයුම්. ඒ සඳහා තිබෙන දේශපාලන අභිලාෂය. නීති රීති පමණක් වලින්ම කරන්න පුළුවන් කමක් නැහැ. මේ රටේ මේ ක‍්‍රියාදාමය දිහා බලනකොට මුස්ලිම් සාමාජයේ ස්ථර පහක් අපට පෙනෙනවා.  එකක් තමයි කෙළින්ම ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලට යටවෙච්ච, මේ තවාහිද් චින්තනයත් සමග ගැටගැහිච්ච සීයයක් දෙසීයයක් ඉන්නවා මරාගෙන මැරෙන්න ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවල නියැලිච්ච අය. ඒ අය හඳුනා ගැනීම, නිෂ්ක‍්‍රීය කිරීම, විනාශ කිරීම ආරක්‍ෂක හමුදාවල වගකීමක්. ඊ ළගට තව දාහක් දෙදහක් ඉන්නවා අධ්‍යාපන කඳවුරු වලට ගිහින් මේ චින්තනයට ගමන් කරලා මේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලට තල්ලූව ලබාදෙන, මේ පාර්ලිමේන්තුවෙත් එවැනි පිරිස් ඉඳලා තිබෙනවා සේවකයෝ හැටියට. ඒ වගේම ඊ ළග ස්ථරයේ ඉන්නවා ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලට සහයෝගය ලබා නොදුන්නත් මේ දර්ශණය එනම් තමන්ගේ දෙවියන් නොඅදහන පුද්ගලයින් විනාශ කිරීමේ චින්තනය සහිත විසි තිස්දාහක් මේ රටේ ඉන්නවා. අපි ඒක අමතක කරන්න හොඳ නැහැ. ඒ වගේම මේ රට තුළ ශ‍්‍රී ලාංකීය මුස්ලිම් අනන්‍යතාවයකට වඩා අරාබිකරණය වූ මුස්ලිම් පිරිසක් ඉන්නවා. ඒ වගේම මෙරටතුළ අතිවිශාල බහුතරයක් ශ‍්‍රී ලාංකික මුස්ලිම් අනන්‍යතාවය යටතේ සෙසු ආගම් සෙසු ජනකණ්ඩායම්වලට ගරු කරගෙන තමන්ගේ ආගම නිහතමානීව අදහගෙන ඉන්න පිරිසක් ඉන්නවා.

මේ ස්ථර පහ ගත්තහම මේ ස්ථර පහට පස් ආකාරයක උපාය මාර්ගයක් අපට තිබිය යුතුයි. විශේෂයෙන්ම මේ රටේ ශ‍්‍රී ලාංකික මුස්ලිම් සමාජය බලාත්මක කරන්න, ශක්තිමත් කරන්න අපි කටයුතු කළ යුතුයි. අරාබිකරණය වූ මුස්ලිම් සමාජය ශ‍්‍රී ලාංකික කිරීම සඳහා නිර්ආරාබිකරණයක් කරන්න ඒ අයත් එක්ක සාකච්ඡුාවක්, සම්මුතියක් අපි විසින් ඇතිකර ගත යුතුයි. අවශ්‍ය නීති රීති ගෙන ආ යුතුයි. රැුඩිකල් කරණය වූ පිරිස් නිර්රැුඩිකල් කරණය සඳහා වෙන අධ්‍යාපන වැඩපිළිවෙලක්, නීතිරීති, සමාජ සම්මුතියක් අපි ඇතිකර ගත යුතුයි. ඒ වගේම ප‍්‍රචණ්ඩ කිි‍්‍රයා මගින් අනෙක් අය නසන්න ඉන්න පිරිස් හඳුනා ගැනීම සහ නිෂ්ක‍්‍රීය කිරීමට අපි කටයුතු කළ යුතුයි. මේ ස්ථර පහට, මේ උපාය මාර්ග පහ අපි කි‍්‍රයාත්මක කළොත් අපට මේ ත‍්‍රස්තවාදය පාලනය කළ හැකියි. විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ ප‍්‍රධාන වගකීම තමයි මේ සඳහා අවශ්‍ය කරන නීති රීති ඒ වගේම අවශ්‍ය කරන සමාජ සම්මුතිය ඇති කිරීම සඳහා පක්ෂ පාට බේදයෙන් තොරව එකට එකතු වෙලා හැකි ඉක්මනින් මේ නීතිරීති ගෙනල්ලා, අවශ්‍ය කරන සමාජ වටපිටාව හදලා මේ රට ඉතා ඉක්මනින්ම සාමකාමී තත්වයකට පරිවර්තනය කිරීම. ප‍්‍රධාන ත‍්‍රස්තවාදී කල්ලිය නිෂ්කි‍්‍රය කිරීමෙන් පමණක් මේක නතර විය යුතු නැහැ. මේ අවශ්‍ය කරන නීති රීති සැකසීමේ වගකීම මේ පාර්ලිමේන්තුවට තිබෙනවා. එය ඉටු කිරීම සියළු දේශපාලන පක්ෂ එකට එකතු විය යුතු යැයි පැවසීය.

Recommended For You

About the Author: Editor