‘‘දිවයින’’ අතේරෝල යළි අතේම පත්තු වෙයි : වඳ සැත්කම් 4000 කතාව පට්ට බොරුවක්

අද ප්‍රධාන ජාතික පුවත්පතක ප්‍රධින ශිර්ෂය යටතේ පළවී තිබුණා සිසේරියන් සැත්කම්වලින් පසු තවුහිත් ජමාත් දොස්තර සිංහල මවුවරු 4000ක් වඳභාවයට පත්කර ඇති බවත් සාක්ෂි සහිතව තොරතුරු හෙළිවී ඇති බවත් ඔහු අල්ලන්න පුළුල් පරීක්ෂණ යනුවෙන්. නමුත් මේ සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් පොලීසියට ලැබී නැහැ. ඒ වගේම ඒ පිළිබඳ කිසිදු පරීක්ෂණයක් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෝ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් හෝ සිදු කරන්නේ නැහැ. මේ කියනා ආකාරයේ පැමිණිලි කිසිදු පොලිස් ස්ථානයකට ලැබී නැහැ” යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාඊයේ පැවැති මාධ්‍ය සාකච්ඡුාවකදී පැවසීය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකයරයා මෙසේ ද සඳහන් කළේය.

අද (23) ප්‍රධාන ජාතික පුවත්පතක ප්‍රධාන ශිර්ෂය යටතේ පළවී තිබුණා සිසේරියන් සැත්කම්වලින් පසු තවුහිත් ජමාත් දොස්තර සිංහල මවුවරු 4000ක් වඳභාවයට පත්කර ඇති බවත් සාක්ෂි සහිතව තොරතුරු හෙළිවී ඇති බවත් ඔහු අල්ලන්න පුළුල් පරීක්ෂණ යනුවෙන්. එහි තවදුරටත් දක්වා තිබෙනවා සැත්කම් 7000ක් සිදුකර ඇති බවත් ඉන් 4000ක් මවුවරු වඳභාවයට පත්වී ඇති බවත්. නමුත් මේ සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් පොලීසියට ලැබී නැහැ. ඒ වගේම ඒ පිළිබඳ කිසිදු පරීක්ෂණයක් පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෝ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් හෝ සිදු කරන්නේ නැහැ.

මේ කියනා ආකාරයේ පැමිණිලි කිසිදු පොලිස් ස්ථානයකට ලැබී නැහැ. නමුත් කුරුණෑගල ප්‍රදේශයේ එක්තරා වෛද්‍යවරයෙක් විශාල වත්කම් උපයාගෙන තිබීම සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය විසින් විර්ශනයක් සිදු වෙනවා. නමුත් මෙම විමර්ශනයේදීත් වඳභාවයට පත්වී ඇති බවට එක් පැමිණිල්ලක්වත් ලැබිලා නැහැ.

ඒ අනුව මෙම ප්‍රවෘතියේ වගකීම එම පුවත්පත් ආයතනයත් එය වාර්තා කර ඇති මාධ්‍යවේදියාත් දරා ගත යුතුයි. ඒ වගේම මෙවැනි විමර්ශනයක් ක්‍රියාත්මක නොවන වාතාවරණයක් මත මෙවැනි ප්‍රවෘත්තියක් පළ කිරීම සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් සිදුසිදුකිරීමට වැඩබලන පොලිස්පතිතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකර තිබෙනවා. 

Recommended For You

About the Author: Editor