පරිසර සංරක්ෂණය සියලූ වැඩසටහන් වඩා ශක්තිමත් කිරීමට ජනපතිගෙන් උපදෙස්

ජූනි 05 වන දාට යෙදෙන ජගත් පරිසර දිනයට සමගාමීව පරිසර සතියක් ප‍්‍රකාශයට පත් කරමින් පරිසරය වෙනුවෙන් මේ වන විට කි‍්‍රයාත්මක කර ඇති සියලූ වැඩසටහන් වඩා ශක්තිමත් සහ කාර්යක්ෂම කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් දෙයි.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ අද (24) පෙරවරුවේ මධ්‍යම පරිසර අධිකාරියේ ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වුණු මධ්‍යම පරිසර අධිකාරියේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.

අධිකාරිය විසින් මෙතෙක් කි‍්‍රයාත්මක කර තිබෙන වැඩසටහන්වල ප‍්‍රගතිය සහ ඉදිරි සැලසුම් මෙහි දී ජනාධිපතිවරයාගේ අධීක්ෂණයට ලක් විය.
පරිසර නියමු ව්‍යාපෘති ප‍්‍රමාදයකින් තොරව අවසන් කිරීම, පාසල් මට්ටමින් පරිසර නියමුවන්ගේ සංඛ්‍යාව ඉහළ නංවා ගැනීම ආදි කරුණු පිළිබදව ද සාකච්ඡුා වූ අතර, පාසල් දරුවන් ඇතුළු පාර්ශ්වකරුවන් සම්බන්ධ කර ගනිමින් පරිසර සංරක්ෂණය, ආරක්ෂණය හා කළමනාකරණය කෙරෙහි සහභාගිත්වය වැඩිකර ගැනීමට පියවර ගැනීමේ වැදගත්කම ජනාධිපතිවරයා එහි දී පෙන්වා දුන්නේ ය.

පොලිතින් තහනම, වාහනවල අධික ශබ්දය සහිත නලා නාද කිරීම තහනම් කිරීම, පරිසර පොලිසිය ශක්තිමත් කිරීම ආදි පරිසර සංරක්ෂණය වෙනුවෙන් රජය පසුගිය දිනවල ගත් වැදගත් තීන්දු සහ ඊට අදාළ ව කි‍්‍රයාත්මක කර ඇති වැඩසටහන්වල ප‍්‍රගතිය ද මෙහිදී සමාලෝචනයට ලක් කෙරිණි

එමෙන් ම මහනුවර නගරයේ ප‍්‍රධාන පාරිසරික ගැටලූවක් බවට පත්ව තිබූ කටුගස්තොට, ගොහාගොඩ කැළි කසළ කන්ද සහ ඊට විසදුම් ලබාදීමට කි‍්‍රයාත්මක කර ඇති වැඩසටහන්වල ප‍්‍රගතිය ද ජනාධිපතිවරයා විමසා බැලීය.

Recommended For You

About the Author: Editor