පාසල්වල ආරක්ෂාවේ නාමයෙන් මාපියන් පීඩාවට පත්කර ජාවාරමක්

පාසල්වල ආරක්ෂාව සදහා බව පවසමින් දරුවන් සහ මව්පියන් හිරිහැරයට ලක් නොකරන ලෙස අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ආරක්ෂාව සඳහා බව පවසමින් විනිවිද පෙනෙන පාසල් බෑග් හා ආරක්ෂක උපකරණ මිලදි ගැනීම  සදහා  ඇතැම් කණ්ඩායම් මුදල් එකතු කරන බවට  තොරතුරු පසුගිය දින කිහිපය පුරා මාධ්‍ය විසින් වාර්තා කළ අතර ඒ පිළිබඳව ද අධ්‍යාපන ඇමැතිවරයාගේ අවධානය යොමු වී තිබෙනවා. එවැනි කණ්ඩායම් හා පුද්ගලයින් පිළිබඳ තොරතුරු ඇත්නම් 1988 දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ද අධ්‍යාපන ඇමැතිවරයා මාපියන්ගෙන් ඉල්ලා සිටියා.

මේ අතර විනිවිද නොපෙනෙන  පාසල් බෑග් රැගෙන ආ මාවනැල්ල මයුරපාද විද්‍යාලයේ සිසුන් අපහසුතාවට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා වාර්තාවක් කැදවා තිබෙන අතර මාවනැල්ල කලාප අධ්‍යාපන කාර්යාලය ද මේ පිළිබඳ පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Recommended For You

About the Author: Editor