
රටේ පැවැති ආරක්ෂක තත්වය හේතුවෙන් පාසල් වසා දමා තිබූ කාල සීමාවේ අතපසු වූ විෂය නිර්දේශ ආවරණය සඳහා පාසල් මට්ටමින් සුදුසු වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට දැනුම්දී තිබේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු දුන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්. එම් රත්නායක මහතා කියා සිටියේ කිසිදු තත්වයක් යටතේ වාර විභාග අවලංගු නොකරන බවයි.
පාසල්වල කටයුතු සම්බන්ධයෙන් මතුවන කරුණුවලදී පාසල් ප්‍රධානීන් මැදිහත්ව කි‍්‍රයාකළ යුතු ආකාරය ගැන නිර්දේශ ඇතුලත් විශේෂ ලිපියක් මේ වනවිට නිකුත් කර ඇති බව ද ආර්. එම් රත්නායක මහතා සඳහන් කළේය.