
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ මෑණියන් ඊයේ (23) රාති‍්‍රයේ උන්වහන්සේ සමග ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමු විය.
ඒ මහගම සේකර මාවත ජනාධිපති නිල නිවසේ දී ය. ජනාධිපතිවරයා විසින් ජනාධිපති පොදු සමාව ලබාදෙමින් ඥානසාර හිමියන් නිදහස් කිරීමට කටයුතු කිරීම
පිළිබදව මෙහිදී ජනාධිපතිවරයා වෙත සිය ගෞරවය සහ ස්තූතිය පළ කළ එම මෑණියන් ජනාධිපතිවරයා සමග සුහද කථා බහක ද නිරත විය.