
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු වසන් කිරීමේ චෝදනාවට හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස්පති අනුර සේනානායක මහතාට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබෙනවා.
වසිම් තාජුඩීන්ගේ ඝාතනයට අදාළ තොරතුරු වසන් කිරීම සහ අසත්‍ය තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් දණ්ඩනීති සංග්‍රහයේ 198 වගන්තිය යටතේයි නීතිපතිවරයා මෙම අධිචෝදනා ගොනු කර ඇත්තේ.