
5G තාක්ෂණයට න්‍යෂ්ඨික බෝම්බයක් මෙන් සැලකීම අපට අදහාගත නොහැකියි යැයි Huawei Technologies සමාගමේ නිර්මාතෘ රෙන් සෙන්ෆෙයි මහතා කියයි.
රෙන් සෙන්ෆෙයි මහතා මේ බව අවධාරණය කළේ CTV ප්රවෘත්ති අංශයේ ප්‍රධාන නිවේදිකා සහ ජ්‍යෙෂ්ඨ සංස්කාරක ලීසා ලාෆ්ලේම් සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදීයි.
”ඇත්තෙන්ම එක්සත් ජනපදයේ සබඳතා ජාල තුළ Huawei මෙවලම් කිසිවක් නැහැ. සබඳතා ජාල Huawei තාක්ෂණයෙන් තොරව සුරක්ෂිත නම්, එම ජාලවල සුරක්ෂිත බව ඉදිරියටත් පවත්වා ගැනීම සඳහා Huawei මෙවලම් තහනම් කිරීම හොඳ යයි මගේ හැඟීමයි. නමුත් සැබවින් ම එක්සත් ජනපදයේ සබඳතා ජාල Huawei තාක්ෂණයෙන් තොරව සුරක්ෂිත ද යන්න විමසා බැලිය යුතුයි. එම සබඳතා ජාලවල තොරතුරු ආරක්ෂිත ද? පිළිතුර නැත යන්නයි. Huawei සමාගම ඉවත් කිරීමෙන් පවා එක්සත් ජනපදය සුරක්ෂිත නැහැ.
මාධ්‍යවේදිනියට පිළිතුරු ලබා දෙමින් රෙන් සෙන්ෆෙයි මහතා වැඩිදුරටත් පැහැදිලි කර සිටියේ ඇමරිකා එක්සත් ජනපදය (USA) Huawei සමාගම ආරක්ෂාව පිළිබඳ ගැටළු තිබෙන එකම සමාගම බවට තහවුරු කළ හැකි කිසිඳු සාක්ෂ්‍යයක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවයි.
අනෙක් සමාගම්වලට ආරක්ෂාව සම්බන්ධ ගැටළු නැද්ද?
මෙතරම් ශීඝ්‍රයෙන් තාක්ෂණය සංවර්ධනයවන යුගයක, ගැටළු ඇතිවිය හැකියි. ගැටළු තමයි අපගේ සමාජය ඉදිරියට ගෙන යන්නේ. ගැටළුවක් මතු වූ විට මිනිසුන් එක්ව කඩිනමින් ඊට විසඳුමක් ලබාදීම සඳහා එක්විය යුතුයි. එයාකාරයෙන් තමයි අද අප දකින සමාජය ගොඩනැගී තිබෙන්නේ.
“මා සිතන ආකාරයට 5G යනු මින් පෙර තිබුණාට වඩා විශාල වතුර කරාමයක් වගෙයි. එමගින් කලින් ලැබුණු දත්ත ප්‍රමාණයට වඩා වැඩි ප්රවමාණයක් තොරතුරු ලබාගත හැකියි. නමුත් එම තාක්ෂණයට න්‍යෂ්ඨික බෝම්බයක් මෙන් සැලකීම අපට අදහාගත නොහැකියි” සම්මුඛ සාකච්ඡාව අතරතුර රෙන් සෙන්ෆෙයි මහතා පෙන්වා දුන්නා.