නීති වි‍රෝධී ලෙස මෙරටින් සංක්‍රමණය විමට උත්සාහ කළ පුද්ගලයින් 41 ක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති වි‍රෝධී ලෙස මෙරටින් සංක්‍රමණය විමට උත්සාහ කළ පුද්ගලයින් 41 ක් අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ ‍සැක කටයුතු ට්‍රෝලර් යාත්‍රාවක් යාත්‍රා කරන බව නාවික හමුදාව නිරීක්ෂණය කොට ඇති අතර, එම යාත්‍රාව පරික්‍ෂා කිරීම සඳහා නාවික හමුදාව විසින් විශේෂ මෙහෙයුමක් දියත් කරන ලදි.

ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2019 මැයි 23 වන දින අළුයම දෙවුන්දරතුඩුව ප්‍රදිපාගාරයට නාවික සැතපුම් 715 ක් දුරින් යාත්‍රා කරමින් තිබූ ට්‍රෝලර් යාත්‍රාවක් සහ මෙරටින් සංක්‍රමණය විමට උත්සාහ කළ පුද්ගලයින් හතලිස් එක්දෙනෙකු (41) නාවික හමුදා භාරයට ගෙන ඇත. අත්අඩංගුවට පත් පුද්ගලයින් අතර පිරිමි පුද්ගලයින් 35 දෙනෙකු සහ කාන්තාවන් 06 දෙනෙකු ඇතුලත් අතර, මෙම පිරිසට වසය අවුරුදු 06 ත් 16 ත් අතර ළමුන් 07 දෙනෙකු ද ඇතුලත් වේ. අනෙක් පුද්ගලයින් වයස අවුරුදු 18 ත් 50 ත් අතර වසය් කාණ්ඩවල පසුවන පුද්ගලයන් වන අතර, මෙම පිරිස නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාව වෙත සංක්‍රමණය විමට උත්සාහ කළ බව සැක කෙරේ. නාවික හමුදා විමර්ෂණ කටයුතු සහ වෛද්‍ය පරික්‍ෂණයකින් අනතුරුව මෙම පුද්ගලයින් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාල ආයතන වෙත යොමු කිරීමට නියමිතය.

Recommended For You

About the Author: Editor