FCID පැය 06ක් රිෂාඞ්ගෙන් ප‍්‍රශ්න කරයි

2014 සහ 2015 වර්ෂවලදී ලක් සතොස ආයතනයට සහල් මෙ.ටො 257,000ක් ආනයනය කිරීමේදී සිදුව ඇති මූල්‍ය අක‍්‍රමිකතාවක් පිළිබඳව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ද ඒ සම්බන්ධයෙන් 2015 වර්ෂයේ සිට විෂයභාර ඇමැතිවරයා වශයෙන් කටයුතු කරන රිෂාඞ් බදුර්දීන් මහතා ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද දින (25) පෙ.ව 10.00ට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවන ලද බව ද පොලිස් මූලස්ථානය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

මේ අතර තවත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා පෙ.ව 10.00ට පමණ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවන ලද ඇමැති රිෂාඞ් ප.ව 4.30ට පමණ ප‍්‍රකාශය ලබාදී පිටත්ව ගිය බවයි.

Recommended For You

About the Author: Editor