
ඝණ ආහාර සහ අර්ධ ඝණ ආහාර සදහා වර්ණ සංකේත ක්‍රමය ජුනි මස 01 දා සිට ක්‍රියාත්මක බව ද ඒ සඳහා වන ගැසට් නිවේදනයට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පසුගියදා අත්සන් තබා ඇති බව ද වාර්තා වේ.
මෙම වර්ණ සංකේත ක්‍රමය අප්‍රේල් මස 02 සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අතර, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් අදාල ගැසට් නිවේදනය භාෂාවලට පරිවර්තනය කිරිම ප්‍රමාදවීම නිසා එදින සිට මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි විය.
මෙම වැඩපිළිවෙල සදහා බිස්කට් නිෂ්පාදකයින්ගේ සහ රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගම්වල ද සහයෝගය ලැබී ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.