චීන ජාතිකයින්ට මෙරට සංචාරය සඳහා තිබූ සීමා ලිහිල් කරයි

චීන ජාතිකයින්ට ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා පනවා තිබූ තහනම ලිහිල් කිරීමට මෙරට චීන තානාපති කාර්යාලය විසින් පියවර ගෙන තිබෙනවා.

ශී‍්‍ර ලංකාවේ චීන තානාපති කාර්යාල නිලධාරීන් සමග පසුගිය දා පැවැති සාකච්ඡවකින් අනතුරුව මෙම තීරණය ගත් බව අද දින (26) අනුරාධපුරයේ ජාතික නිවාඩු නිකේතනය විවෘත කිරීමට පැමිණි අමාත්‍ය ජෝන් අමරතුංග මහතා එහිදී මාධ්‍ය හමුවේ මේ බව සඳහන් කළා.

අනුරාධපුර සංචාරක කර්මාන්තයේ නියැලි ව්‍යාපාරිකයින් මුහුණ පා සිටි ගැටලු සම්බන්ධයෙන් සොයා බලා කඩිනමින් විසදුම් ලබා දීම සදහා ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ නියලෙන්නන් සමග සාකච්ඡාවකට ද අමාත්‍යවරයා එක්වුණා.

කඩාවැටුණ සංචාරක කර්මාන්ත නගා සිටුවිමට රජය ලබාදුන් කඩිනම් සහන ලබා ගැනිමේදී ඇති වන ගැටලුවලට එම අවස්ථාවේදීම විසදුම් ලබා දිමටද කටයුතු කෙරුණා.

ඒ සදහා මහ බැංකුව , මුදල් අමාත්‍යංශය ඇතුළු රජයේ නිළධාරින් කිහිපදෙනෙකුද කැදවා තිබුණා. අමාත්‍යවරුන් වන පී හැරිසන් මහතා සහ චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ඇතුළු ජනතා නියෝජිතයන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

Recommended For You

About the Author: Editor