ජනතා විමුක්ති පෙරමුණ වහාබ්වාදී ත‍්‍රස්තවාදයට උඩගෙඩි දෙනවා – මොහොමඞ් මුසම්මිල්

කෙටි කාලයක් තුළ අසීමිත ලෙස වත්කම් උපයාගෙන ඇතැයි අත්අඩංගුවට පත් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයකු සතු වත්කම්, ඇමති රිෂාඞ් බදුර්දීන් විසින් අයථා ලෙස උපයාගත් වත්කම් ද?’ යන පැනය රට හමුවේ මතුව ඇතැයි ජානිපෙ ප‍්‍රචාරක ලේකම්, මොහොමඞ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි.

ඇමති රිෂාඞ් බදුර්දීන්ට එරෙහි විශ්වාසභංගය ගෙන ආ මොහොතේදී ජවිපෙ නායක අනුර දිසානායක ‘මුස්ලිම් ජන නායකයන් ඉවත් කිරීමට කටයුතු කළොත් මුස්ලිම් ප‍්‍රජාව අන්තවාදයට යනවා’ කියමින් ඔහු රැක ගැනීමට තැත් කිරීමත් වඳ සැත්කම් 4000ක් කළ බවට චෝදනා එල්ල වෙද්දී එය අනාවරණය කළ ජාතික පුවත්පතට පාර්ලිමේන්තු වරප‍්‍රසාද යොදා ගෙන මඩ ගැසීමත් ව්‍යාපාරික මොහොමඞ් ඊබ‍්‍රාහිම් තම පක්‍ෂයේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කිරීමත් යන ක‍්‍රියා තුනෙන් පෙනී යන්නේ ජනතා විමුක්ති පෙරමුණ වහාබ්වාදී ත‍්‍රස්තවාදයට උඩගෙඩ දෙන බව යැයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ජවිපෙ මෙම ක‍්‍රියා පිළිවෙතින් පෙනී යන්නේ එම පක්‍ෂය තුළ ‘වහාබ්වාදී මුදල් තොග’ සංසරණය වන බව යැයි ද ජානිපෙ ප‍්‍රචාරක ලේකම්වරයා චෝදනා කර සිටියේය.

වහාබ්වාදී අන්තවාදය අද ලොව පුරා සෑම සියලූ ක්‍ෂේත‍්‍රයක්ම ආක‍්‍රමණය කරමින් සිටින බවත් අල්ජසිරා වැනි ජාත්‍යන්තර මාධ්‍ය ආයතන, ඇතැම් රටවල රාජ්‍ය නායකයන්, ඉහළ රාත්‍යතාන්ත‍්‍රිකයන් වහාබ්වාදී මුදල්වලට යට වී තිබෙන බවත් මුසම්මිල් මහතා මෙහිදී අනාවරණය කළේය.

මෙම අන්තවාදී මතවාදය තුළින් සිදු වන අයහපත මුස්ලිම් ප‍්‍රජාවට පෙන්වා දීමට මුස්ලිම් දේශපාලනඥයන් සහ උලමා සභාවට නොහැකි වී ඇති බවත් ඔවුන් අද වහාබ්වාදයේ ගොදුරු බවට පත්ව ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.

Recommended For You

About the Author: Editor