නවසීලන්තය හමුවේ කෝලිගේ බලාපොරොත්තු ආරම්භයේදීම බිඳ වැටෙයි

කි‍්‍රකට් ක‍්‍රීඩාලෝලීන්ගේ සහ විචාරකයින්ගේ දැඩි අවධානයට යොමුවූ ඉන්දීය – නවසීලන්ත පුහුණු තරගය ඊයේ එංලගන්තයේ ලන්ඩන් නුවරදී පැවැති අතර එම තරගයෙන් කඩුළු 06ක විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලැබීමට නවසීලන්තය සමත් විය.

චිරාත් කෝලී ඇතුළු අයි.පී.එල්. වීරයින්ගේ සියලූ බලාපොරොත්තු ආරම්භයේදීම බිඳ හෙළු තරගයක් වශයෙන් මෙය සැලකිය හැකිය.

ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 39.2කදී ලකුණු 179ක් ලබාගත් අතර පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 37.1කදී කඩුළු 4කට ලකුණු 180ක් ලබා ගනිමින් ජයග‍්‍රහණයට හිමිකම් කීවේය.

ඉන්දීය පිළ වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළේ රවීන්ද්‍ර ජාඩියා විසිනි. ඔහු පන්දු 50කට ලකුණු 54ක් ලබා ගත්තේය. හර්ඩික් පාණ්ඩ්‍ය පන්දු 37කට ලකුණු 30ක් ද, කල්දීප් යාදේව් පන්දු 36කට ලකුණු 19ක් ලබා ගත්තේය.

නවසීලන්තය වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ ටෙ‍්‍රන්ට් බෝල්ට් ලකුණු 33/4ක් ද, ජේම්ස් නිෂාම් 26/3ක් ලබා ගත්තේය.

නවසීලන්ත ඉණිම

නවසීලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ප‍්‍රමාණයක් ලබා ගත්තේ Ross Taylor ඔහු පන්දු 75කට ලකුණු 71ක් ද, Kane Williamson පන්දු 87කට ලකුණු 67ක් ද ලබා ගත්තේය.

නවසීලන්තය එරෙහිව පන්දු යැවූ ඉන්දීය පන්දු යවන්නන් අතරින් වැඩිම කඩුළු සංඛ්‍යාවක් දවා ගත්තේ Jasprit Jasbirsingh Bumrah විසිනි. ඔහු ලකුණු 2කට එක් කඩුල්ලක් ද, Hardik Himanshu Pandya ලකුණු 26කට එක් කඩුල්ලක් ද Ravindrasinh Anirudhsinh Jadeja විසින් ලකුණු 27කට එක් කඩුල්ලක් ද දවා ගත්තේය.

Recommended For You

About the Author: Editor