
බි්රතාන්යයේ පාලක Conservative පක්ෂයේ නායකත්වය සඳහා හිටපු කැබිනට් ඇමැතිවරුන් දෙදෙනෙක් ඇතුළු පක්ෂ ප්‍රබලයින් හත් දෙනෙක් තරගයට වැටී ඇතැයි බි්රතාන්ය මාධ්‍ය පවසනවා.
127,000ක් පමණ වන පක්ෂයේ ප්‍රධාන සාමාජිකයින්ගේ කැමැත්ත දිනා ගන්නා පුද්ගලයා Conservative පක්ෂයේ නායකත්වයට පත් වෙනවා. ඒ වගේම ඔහුට තෙරේසා මේගේ ඉල්ලා අස්වීමෙන් හිස්වන අගමැති පදවියටත් ළංවිය හැකියි.
මෙම තරගයේ ඉදිරියෙන්ම සිටින හිටපු කැබිනට් අමාත්‍ය ඇන්ඩි්රයී ලීඞ් සම් සඳහන් කරන්නේ තෙර්සාට මුල්පුටු දෙකම එපා වූ බ්‍රේක්සිට් අවශ්‍ය නම් අතහැර දැමීමට පවා තමා සූදානම් බවයි.
මේ අභ්‍යන්තර කතා කෙසේ වෙතත් ලබන ඔක්තෝබර් 31 වැනිදා මහා බි්රතාන්ය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුයි. මෙය මහා බි්රතාන්ය අවුලෙන් අවුලට පත් කරන සිදුවීමක් බවයි බි්රතාන්ය මාධ්‍ය පවසන්නේ.