
කැත විදියට, මිනිස්සු දෙසීය ගණනකගේ මිනී උඩින් ගිහින් දේශපාලනය කරන එක වැරදි යැයි පාර්ලිමේන්තු මන්ත්රී මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.
ගාල්ලේදී අද (26) පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සදහන් කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ මනූූූෂ නානායක්කාර මහතා මෙසේද පැවසුවේය.
මිනුවන්ගොඩ, හෙට්ටිපාල, කුලියාපිටියේ ගිනි තිබ්බේ හිතා මතා. මේවායේ පිටපුස හිටියේ කවුද කියලා අපි හැමෝම දන්නවා. ඒවා කළේ කවුද කියලා රටම දන්නවා. බදුරලියේ පාසලේ බෝම්බ තිබ්බේ කවුද කියලා අපි හැමෝම දන්නවා. අනියත බියක් ඇති කළේ කවුද කියන එක දැන් රටම දන්නවා.
මේවායේ පිටුපස තියෙන්නේ දේශපාලනය. අපිට යූ.එන්.පී. ශ්රී ලංකා කියන එක අදාල නෑ. අපිට අදාල වෙන්නේ රටයි. රටේ ආරක්ෂාවයි. කැත විදියට, මිනිස්සු දෙසීය ගණනකගේ මිනී උඩින් ගිහින් දේශපාලනය කරන එක වැරදියි. මේ වෙලාවේ සියලු දෙනාම එකතුවෙලා හෙට දවසේ රටේ ආරක්ෂාව ගැන හිතලා කටයුතු කරන්න ඔ්න. හෙට දවසේ අපේ දරුවන්ට නිදහසේ ජීවත්විය හැකි රටක් ගොඩ නැගිය යුතුයි.