
සුදු පැහැති යුද හමුදා යුනිකෝන් රථ කිහිපයක ඡායාරූප උපුටා දක්වමින් ලංකාවට එක්සත් ජාතින්ගේ සාම සාධක හමුදා පැමිණ මෙහෙයුම් දියත් කරන බවට සමාජජාලාවල පලවෙන පුවත් සම්පුර්ණ අසත්‍ය බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කරනවා.

UN යන අකුරු දෙක භාවිතා කර ඇති ආදාළ හමුදා යුනිකෝන් රථවල ඡායාරූප සමාජ ජාලාවලට එක්කර තිබුණේ එම රථ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට අයත් ඒවා බවත් ඒවා ලංකාවේ මෙහෙයුම් දියත් කරන බවත් සඳහන් කරමින්.
මේ සම්බන්ධයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සදහන් කරන්නේ අදාළ ට්‍රක් රථ මාලි දේශයේ ආරක්ෂාව සදහා රදවා තිබෙන ශ්‍රී ලාංකිය හමුදා නිලධාරින් වෙනුවෙන් ලංකාවේ නිෂ්පාදනය වූවක් බවයි. එක්සත් ජාතින්ගේ හමුදාවක් ලංකාවේ නොමැති බවද එම ට්විටර් බවත් පණිවුයේ වැඩි දුරටත් සඳහන් කරනවා.