
ව්‍යාපෘති සදහා පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරිම හෙට සිට යළි ආරම්භ කරන බව භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාංශය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සමග උද්ගතවූ තත්වයක් සමඟ සති පහකට ආසන්න කාලයක් පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරිම නතර කර තිබූ බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරීමේදී අනුගමනය කරන නව යාන්ත්‍රණය පිළිබඳ ගැණුම්කරුවන් දැනුවත් කිරිමට ද පියවර ගෙන තිබෙන බවත් එම පියවර ඔස්සේ පමණක් ව්‍යාපෘති සදහා පුපුරණ ද්‍රව්‍ය නිකුත් කිරිම කරන බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.