
අවශ්‍ය ද්‍රව්‍ය
කොස්මදුළු 500g (ඇට ඉවත් කොට තම්බා ගත්)” ලීක්ස් 250g, කැරට් 250g, පොල්තෙල් ස්වල්පයක්, ලුණු, සුදු ළූණු, කෑලි මිරිස්, ඉඟුරු, මාළු හොඳි ස්වල්පයක් (අවශ්‍ය නම්)
සාදාගන්නා ආකාරය
පළමුව හුමාලයේ කොස්මදුළු තම්බාගන්න. කැරට්, ලීක්ස්, සුදුලූණු සිහින්ව කපාගන්න. පසුව භාජනයක් ලිප තබා පොල්තෙල් ස්වල්පයක් දමා රත් වූ පසු සුදු ළූණු, ළූණු, ඉඟුරු, කරපිංචා තෙම්පරාදු කර එයට කැරට්, ලීක්ස්, කෑලි මිරිස් එකතු කොට විනාඩි 05 පමණ තෙම්පරාදු වූ පසු කැබලි කපා තම්බා ගත් කොස් කැබලි එකතුකොට හැන්දෙන් හොඳින් මිශ්‍ර කරගන්න.
අවශ්‍ය නම් හොදි ස්වල්පයක් ඊට එක්කර ගන්න.