ඉරාන ජනපතිගෙන් අභිමානවත් ප‍්‍රකාශයක්

1980 දශකයේ ලෝක අවධානය දිනාගත් යුද්ධ අතර ඉරාක – ඉරාන යුද්ධය සුවිශේෂ වුණා. වර්ෂ ගණනාවක් දිග්ගැස්සුණු මෙම යුද්ධයෙන් මුළු මැදපෙරදිග කලාපයම අස්ථාවර වුණ අතර බටහිර අතපෙවීම් සඳහා හොඳ අවස්ථාවක් ද නිර්මාණය කර දුන්නා.

ඒත් අද ඉරාකය – ඉරානය අතර එවැනි මතභේදයක් නැහැ. විශේෂයෙන් සදාම් හුසේන්ගේ පාලනය බිඳ වැටී ඉරාකය බටහිර ගැති දුර්වල රාජ්‍ය්‍යක් වීම තුළ ඉරාකය ඉරානයට තව දුරටත් තර්ජනයක් නොවෙයි.

මෙවැනි වාතාවරණයක් මැද පසුගිය දා ඉරාක – ඉරාන යුද්ධයේ සැමරුම් උත්සවයක් ඉරානය විසින් අතිඋත්කර්ෂවත් ලෙස සංවිධානය කර තිබුණා. මේ සඳහා ඉරාක අගමැතිවරයා ද සහභාගී වීම සුවිශේෂත්වයක්.

මේ උත්සවයේදී ඉරාන ජනපති කළ සුවිශේෂ ප‍්‍රකාශයක් කෙරෙහි මේ වන විට ලෝක අවධානය යොමුව තිබෙනවා.

‘‘ඇමෙරිකාව විසින් බෝම්බ හෙළා ඉරානය විනාශ කළත් එහි අභිමානය සහ ස්වාධීනත්වය පාවා දෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඇමෙරිකාව විසින් නිරන්තරයෙන් කරන තර්ජන ඉරාන වැසියන්ගේ සුබසාධනයට සහ ජීවත් වීමේ අයිතියට බලවත් තර්ජනයක් වෙලා තිබෙනවා’’ ඔහු දැඩි ස්වරයෙන් කීවා.

ඉරාන නායකයා මේ බව ප‍්‍රකාශ කළේ ඇමෙරිකාව විසින් ආර්ථික සම්බාධක දැඩි කර ඇති වාතාවරණයක් සහ යුධ උණුසුම තීව‍්‍රර කර ඇති වාතාවරණයක් තුළයි.

Recommended For You

About the Author: Editor