
පෞද්ගලික බස් රථ හිමියන් ඉල්ලා ඇති සහන ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ඇතුළු නියෝජිත පිරිසක් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සමඟ අද පැවති සාකච්ඡාවේදී මේ පිළිබඳව ඉල්ලීම් ඉදිරිපත්ව තිබෙනවා.
දැනට ධාවනයේ ඇති පෞද්ගලික බස් රථ විසි දහසකින් 40%ක් පමණ කල්බදු ක්‍රමය යටතේ ධාවනය වන බැවින් කල්බදු ගෙවීම සදහා සහන කාලයක් ලබාදෙන ලෙසයි ඔවුන් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ.
ලීසිං වාරිකය හා ණය ගෙවා ගැනිම සදහා ලබාදිය හැකි විසදුම පිළිබද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. ඒ අනුව විසදුම් යෝජනාවක් ඉදිරිපත් කිිරිමට නියමිත බවයි අමාත්‍යාංශය සදහන් කරන්නේ.