
2020 වර්ෂයේ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය අද (27) නිකුත් කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවිය ( www.moe.gov.lk ) මඟින් බාගත කිරීමට අවකාශ සලසා තිබෙන බව ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
2020 වර්ෂයේ දී රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට තම දරුවන් ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන දෙමාපියන්/ නිත්යපනුකූල භාරකරුවන් මෙම නිවේදනයේ දැක්වෙන උපදෙස් අනුව හා ලබා දී ඇති ආකෘති පත්‍රයට අනුව සකස් කළ අයඳුම්පත් තමන්ට අදාළ වන පාසල්වල ප්‍රධානීන් වෙත 2019 ජූනි 30 ට ප්‍රථම ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් ඉදිරිපත් කළ යුතු වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ