
මේ දිනවල රජයේ රෝහල්වල පවතින ඖෂධ හිඟය කඩිනමින් අවසන් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
ඖෂධ හිඟයකින් තොරව රෝහල්වල කටයුතු පවත්වාගෙන යාම පිළිබද සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
එහිදී අදහස් දැක්වූ රාජිත සේනාරත්න මහතා තවදුරටත් කියා සිටියේ ඇතැම් ඖෂධ තවමත් රෝහල්වලට සැපයීමට නොහැකි තත්ත්වයක් මතුව ඇත්තේ දේශපාලන අර්බුදය පැවති සමයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් බවයි. එම කාලය තුළ කිසිදු ටෙන්ඩරයක් ක්‍රියාත්මක නොවූ බවත් ඖෂධ ආනයනයක් සිදු නොවූ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.