
අයථා වත්කම් ඉපයීම් සම්බන්ධයෙන් සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගෙන සිටින කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයාට එරෙහිව අද (27) කාන්තාවන් 16 දෙනෙකු පැමිණිලි ඉදිරිපත් කළ බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය සඳහන් කරයි.
කුරුණෑගල, වාරියපොළ, ගලේවෙල, දඹුල්ල, මාවතගම, මැල්සිරිපුර ආදි ප්‍රදේශවල විවාහක කාන්තාවන් විසින් පැමිණිලි ඉදිරිපත් කර ඇත.
වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මහතා විසින් සිසේරියන් සැත්කම් කළ මව්වරුන් වඳභාවයට පත්ව ඇත්දැයි සෙවීම සඳහා අද දිනයේදී පරීක්ෂා පැවැත්වීමට නියමිතව බව කුරුණෑගල ශික්ෂණ රෝහල් පාලනාධිකාරිය සඳහන් කළ බව ද අප වාර්තාකරු කියයි.