වඳ සැත්කම් කළ බව කියන වෛද්‍යවරයා ගැන සොයන්න අමාත්‍යාංශයෙනුත් විශේෂ කමිටුක්

උපයාගත් වත්කම් සම්බන්ධයෙන් සැකපිට මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින සහ සිසේරියන් සැත්කම් මගින් කාන්තාවන් 4000ක් වඳභාවයට පත් කළ බවට චෝදනා එල්ල වී ඇති කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යේෂ්ඨ වෛද්‍යවරයාගේ ක‍්‍රියාකාරකම් සෙවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ද විශේෂ කමිටුවක් පත්කරන බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අද ප‍්‍රකාශ කළේය.

මෙම සැකකටයුතු වෛද්‍යවරයා මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගෙන ප‍්‍රශ්න කරමින් සිටී. ඔහුට එරෙහිව ඔහු විසින් සිසේරියන් සැත්කම් කළ බව කියන කාන්තාවන් 16 දෙනකු විසින් පැමිණිලි ඉදිරිපත් කර ඇති බව ද කුරුණෑගල ශික්ෂණ රෝහල් පරිපාලනය සඳහන් කරයි.

Recommended For You

About the Author: Editor