Warm up Match World Cup 2019: අනාවැකි එකිනෙක බිඳ වැටෙයි:

‘‘ක‍්‍රිකට්’’ ගැන කියන කොට නිතරම මතක් කරන වචනයක් තමයි ‘‘අනාවැකි කියන්න එපා’’ කියන එක. ඇත්තමයි ක‍්‍රිකට් ගැන නම් කිසිම අනාවැකියක් කියන්න බැහැ. ඒ ක‍්‍රිකට් කියන්නේ ‘‘ක‍්‍රිකට්’’ ම නිසයි.

මෙහෙම කියන්න වෙන්නේ පසුගිය දින කිහිපය පුරා ලෝක කුසලානයට පෙර පැවැති ‘‘පුහුණු තරඟ’’ හෙවත් තරගවලදී දකින්න ලැබුණු දේවල් නිසයි. ක‍්‍රිකට් ක‍්‍රීඩා විචාරකයෝ වගේම පේ‍්‍රක්ෂයෝ හිතාගෙන හිටිය බොහෝ දේවල් මේ පුහුණු තරගවලදී බොරු වුණා.

සමබර ඉන්දියාවද මේ

චිරාට් කෝලිගේ නායකත්වයෙන් යුත් ඉන්දීය කණ්ඩායම එංගලන්තයට ආවේ අයි.පී.එල්. තරගාවලියෙන් උද්දාමයට පත් වෙලා. ඒ වගේම හොඳ සමබර කණ්ඩායමක් කියන මානසිකත්වයෙන්. ඒත් පසුගිය 25 වැනිදා එංගලන්තයේ ‘ ඕවල්’ ක‍්‍රීඩාංගනයේදී පැවැති පුහුණු තරගයෙන් ඉන්දියාවේ ඒ අභිමානය බිඳ වැටුණා.

කාසියේ වාසිය දිනාගෙන පළමුවෙන් පන්දුවට පහර දුන් දැවැන්්තයින් රැසක් සිටින ඉන්දීය කණ්ඩායමට ලබාගත හැකි වුණේ ලකුණු 179/10ක් පමණයි. එහි විශේෂත්වය වන්නේ ඒ ලකුණු 179 ලබා ගත්තේ සියලූ දෙනාම දැවී ගොස් වීමයි.

තවත් අති දක්ෂ කණ්ඩායමක් වන නවසීලන්තයට මේ ලකුණු 180 ඉතා ම පහසු ඉලක්කයක් වුණා. ඔවුන් කඩුළු 4ක් පමණක් බිඳ වැටෙන විට ඉතාම පහසුවෙන් 180ක ඉලක්කය පසුකර ගියා. මේ තරගයේ සිදු වූ සුවිශේස සිදුවීම වන්නේ නවසීලන්ත නායක කේන් විලියම්ස් ලකුණු 67ක් ද රොස් ටේලර් ලකුණු 71ක් ද රැස් කිරීමයි.

සිහින කණ්ඩායම වූ හදිය

මෙවර ලෝක කුසලානයේ එංගලන්ත කණ්ඩායම සැලකෙන්නේ සුපිරිම කණ්ඩායම ලෙසයි. ඒ ඔවුන් ජාත්‍යන්තර එක්දින ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ වැජඹෙන නිසයි.

මේ කොහොම වුණත් එංගලන්ත කණ්ඩායම සහ ප‍්‍රවර්ථන කණ්ඩායම වශයෙන් සැලකෙන ඕස්ටේ‍්‍රලියාව සමග 25 වැනිදා ‘සවුත්හැම්ටන්හිදී’ පැවැති තරගයෙන් එංගලන්තයේ සිහින බිඳ වැටුණා. ඒ ඔස්ටේ‍්‍රලියාව හමුවේ ලකුණු 12කින් පරාජයට පත් වෙමින්.

කාසිසේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායමේ ඇරියුම පරිදි පළමුවෙන් පන්දුවට පහර දුන් ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම නියමිත පන්දුවර 50 තුළදී කඩුළු 9කට ලකුණු 297ක් රැුස් කළා. එහිදී නායකත්වයෙන් ඉනිමක් ක‍්‍රීඩා කළ ස්ටීව් ස්මිත් ලකුණු 116ක් රැස් කළ අතර ඒ පන්දු 102කදී වීම ද විශේෂත්වයකි.

ඕස්ටේ‍්‍රලියාව විසින් ලබා දුන් ලකුණු 298ක ඉලක්කය හඹාගිය එංගලන්ත කණ්ඩායමට සියලූ ක‍්‍රීඩකයින් දැවී පන්දු වාර 49.3දී ලබා ගත හැකි වුණේ ලකුණු 285ක් පමණි.

පාකිස්ථානය මොකද වුණේ ?

පාකිස්ථානය කියන්නේ ක‍්‍රිකට් ක‍්‍රිඩාවේ සුපිරි රටක්. ඔවුන්ගේ දක්ෂතා ගැන ද ඇත්තේ ඉහළ තක්සේරුවක්. ඒත් පසුගිය දා පාකිස්ථානයට අසල්වැසි ඇෆ්ගනිස්ථානය හමුවේ කඩුළු 03 නීරස පරාජයකට මුහුණ දීමට සිදු වුණා.

මෙම තරගයේදී පළමුවෙන් පන්දුව පහර දුන් පාකිස්ථානය 262ක් වාර්තා කළා. එය වෙනත් රටක් හමුවේ ප‍්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් නොවුණත් තවමත් ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියට නවකයෙකු වන ඇෆිගනිස්ථානය හමුවේ නම් දැවැන්ත ඉලක්කයක් වශයෙන් සැලකිය හැකියි. එහෙත් ඇෆ්ගනිස්ථානය ඉතාම සීරුවෙන් පන්දුවාර 49.4දී ජයග‍්‍රාහී ඉලක්කය වෙත ගියා.

ශ‍්‍රී ලංකාව අසීරු අඩියක

ශ‍්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානයට ගියේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය වගේම තවත් ප‍්‍රශ්න රැුසක් සමග. ඒවායින් ඇතැම් ගැටලූ තවමත් විසඳී ඇති බවක් දැකිය නොහැකියි. මේ තත්ත්වය තුළ බොහෝ ක‍්‍රීඩා විචාරකයෝ ශ‍්‍රී ලංකා කණ්ඩායමෙන් වැඩි යමක් බලාපොරොත්තු නොවන බවයි පේන්නේ.

ඒ කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා කණ්ඩායම දකුණු අප‍්‍රිකාව සමග මුහුණ දුන් පළමු පුහුණු තරගයෙන්ම දැවැන්ත පරාජයකට මුහුණ දුන්නා. ඒ ලකුණු 87කින්.

කාසියේ වාසිය දිනාගත් දිමුත් චන්දිමාල්ගේ ඇරියුම පරිදි මුලින්ම පන්දුවට පහර දුන් සුපිරි දකුණු අප‍්‍රිකානු කණ්ඩායම නියමිත පන්දු වාර 50 තුළ දී කඩුළු 07ක් දැවී ලකුණු 338 දැවැන්ත ඉලක්කයක් ශ‍්‍රී ලංකාවට ලබා දුන්නා.

ඒත් ශ‍්‍රී ලංකා කණ්ඩායමට සියලූම ක‍්‍රීඩකයින් දැවී පන්දු වාර 42.3කදී ලබා ගත හැකි වුණේ ලකුණු 251ක් පමණයි.

මෙහිදී ශ‍්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න දැක්වූ සාර්කත්වය කාගෙත් අවධානයට ලක් වූ අතර දිමුත් පන්දු 92කදී ලකුණු 87ක් රැස් කළා.

ඉහත සටහන අනුව, ශ‍්‍රී ලංකාව, ඉන්දියාව, එංගලන්තය සහ පාකිස්ථානය මුහුණ දුන් පරාජයන් හමුවේ මනාව පැහැදිලි වන්නේ ක‍්‍රිකට් ගැන ඕනෑවට වඩා අනාවැකි කීමට නිර්ථක ක‍්‍රියාවක් බවයි.

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor