
වසර ගණනක් පුරා උසස් වීම් අහිමව සිටින ශ්‍රී ලංකා පොලිසියේ ජ්‍යේෂ්ඨ පොලිස් පරීක්ෂක තනතුරින් පහළ සිටින නිලධාරින් 4000කට අධික පිරිසකට කඩිනමින් උසස්වීම් ලබාදීමට පියවර ගනිමින් සිටින බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග තහවුරු කරයි.
ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා පොලිසියේ සහභාගීත්වයෙන් සම්පාදිත මේ පිළිබඳ වාර්තාව පසුගිය සතියේ ජාතික පොලිස් කොමිසම වෙත ඉදිරිපත් කර ඇත.
ජාතික පොලිස් කොමිසම මේ සතියේදී රැුස්වීමට නියමිත අතර එහි නිර්දේශ ලැබුණු වහාම අදාළ උසස්වීම් කඩිනමින් ලබාදීමට නියමිතය.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යෝජනාවක් අනුව මෙම වැඩපිළිවෙළ දියත්ව ඇති අතර ශ්‍රී ලංකා පොලිසියේ මෙතරම් නිලධාරීන් පිරිසකට එකවර උසස් වීම් ලැබුණු ප්‍රථම අවස්ථාව ද මෙය බව වාර්තා වේ.