මම මේ වැවිලි සමාගම් වෙනුවෙන් බෙල්ල තිබ්බ නායකයෙක් – වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක

“ මම මේ වැවිලි සමාගම් වෙනුවෙන් ඔබතුමන්ලා වෙනුවෙන් බෙල්ල තිබ්බ නායකයෙක්. මම ග්ලයිෆොසේට් වෙනුවෙන් කතා කළ නායකයෙක්. වෙන කවුරුත් ඒ වෙනුවෙන් කතා කළේ නෑ. ඒ නිසා පරිසර සංවිධාන මට මඩ ගැහුවා මම මේ වැවිලි සමාගම් වලින් මුදල් ගන්නවා කියලා. මම ඒ වෙනුවෙන් කතා කළේ විශේෂයෙන්ම කාර්මීකරණය වූ වාණිජ වූ කෘෂිකර්මය වල් නාශකයකින් තොරව කරන්න බෑ කියලා. ඒ ප්‍රතිපත්තිය උඩ මම කතා කළේ. ග්ලයිෆොසේට් නිසාම නෙවේ ”

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මෙසේ ප්‍රකාශ කළේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාලයක් අංක. 10, නානුඔය පාර, කැලේගාල, නුවරඑළිය යන ස්ථානයේ විවෘත කළ අවස්ථාවේදීය.

වැඩි දුරටත් අමාත්‍යවරයා පැවසූයේ,

මම කියන්නේ තේ මණ්ඩලයේ අලෙවිය සම්බන්ධයෙන් අපිට ප්‍රශ්නයක් නෑ. මට කිසිම ගැටලුවක් නෑ අපිට ඒක හරියට කරන්න පුළුවන් එක සම්බන්ධයෙන්. අනෙක් රට වල අපිට PURE CEYLON TEA නාමය අරගෙන යන්න පුළුවන්. ප්‍රශ්නය තියෙන්නේ අපේ ඇතුළේ වෙන දේවල් ගැන. ලංකාව ඇතුළේ මේ වෙන දේවල්. දැන් අපිට ඒකට එස්ටීඑෆ් එකත් දාන්න වෙනවා. ඒක කොච්චර අපරාධයක් ද බලන්න එස්ටීඑෆ් එක දාන එක මේවා නවත්වන්න. ත්‍රස්තයන් නවත්වන්නයි එස්ටීඑෆ් එකක් ඕනේ. කුඩු ජාවාරම්කාරයන් නවත්වන්න සීනි දාන කට්ටිය හොයන්න අනෙක් අක්‍රමිකතා කරන අය නවත්වන්න අපිට මේ අය පාවිච්චි කරන්න අවශ්‍යතාවයක් නෑ. නමුත් සමාජය අපිව එතැනට තල්ලු කරලා තියෙනවා.  මේ වෙන හොර දේවල් බැලුවොත් තමුන්නාන්සේලාත් පුදුම වෙයි. සමහර විට තේ වෙන්දේසි වලින් ගන්න තේ ආයිත් පවිත්‍ර කරන තත්ත්වයට පත් වෙලා. ඉතිං ඇයි එහෙම වෙන්නේ. ඒ අපි අපිට තියෙන දේ ආරක්ෂා කර ගන්නේ නෑ. මේ තේ කර්මාන්තයට අවුරුදු 150ට වඩා පැරණි කර්මාන්තයක්. ඉතිං  අපි මේක අගය කරලා ආරක්ෂා කරන්නේ නැත්නම් ඇත්තටම මම කනගාටු වෙනවා. මොකද තේ මණ්ඩලයට පොලීසියක් වෙන්න බෑ. නමුත් අපිට ඒකත් දැන් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ටී ඉන්ස්පෙක්ටර්ලාට සිද්ධ වෙලා ගිහිං තේ වලට  සීනි හා වෙනත් අපද්‍රව්‍ය අපේ තේ වලට කලවම් කරනවා ද නැද්ද ද බලන්න.

එතකොට ග්ලයිෆොසේට් වල් නාශකය නැති නිසා MRCP  වගේ තවත් ඒවා එකතු කළා. ඒ නිසා අපිට ජපන් මාර්කට් එක නැති වෙන්න ගියා. නමුත් අපි ජපන් නිළධාරීන් සමඟ කතා කරලා ටිකක් හුස්ම ගන්න කාලයක් ලබා ගත්තා. දැන් අපි තේ පර්යේෂණ ආයතනයෙන් බලාපොරොත්තු වෙනවා ක්ෂේත්‍රයේ වාර්තා ටික. ඒ වාර්තා ආවාට පසු නැවතත් අපිට ජපානයට පරණ තිබුණු තත්ත්වයට තේ යවන්න පුළුවන්. ඉතිං මේක විශාල සටනක්. ඇත්තටම මම හිතනවා ත්‍රස්තයන් එක්ක වගේ කියලා මේ තේ කර්මාන්තයේ සමහර අය එක්ක සටන් කරන එක. ගිය සතියේදී සීනි දාලා අහුවෙලා කර්මාන්ත තුනක් නැවැත්තුවා. ඒක නැවැත්තුව ගමන් අනිත් පැත්තට ඇමතිවරුන්ගෙන් කෝල් එනවා නවීන් මේ මම දන්න කෙනෙක්ගේ මේක කරුණා කරලා නිදහස් කරන්න කියලා. ඉතිං මේක තමයි තත්ත්වේ. ඉතිං මම මොනවා කියන්න ද? මම කියනවා මම නිදහස දෙයි ද නැද්ද කියලා මුළු ක්ෂේත්‍රයම මම දිහා බලා ගෙන ඉන්නවා මට මේක කරන්න බෑ කියලා. මම නම් තේ කොමසාරිස්තුමා තහනම් කළ තේ කම්හල් වලට නිදහසක් දෙන්න යන්නේ නෑ. ඒ පනතේ බලය තියෙනවා සම්පුර්ණයෙන්ම ඇමතිතුමාට නිදහස් කරන්න. ඉතිං ඒ බලතල පාවිච්චි කරලා නිදහස් කරන්න පුළුවන්.

ඒත් මම ඒක කරන්න යන්නේ නෑ. මොකද අපි පැහැදිලි පණිවිඩයක් දෙනවා තේ කර්මාන්තයට “  Please Clean Up ” අපිට මේක සුද්ධ කරන්න ඕනේ. ඉතිං අපි හදන්නේ මේක  ඇතුළෙන්ම මේ හැඟීම ඇති කරන්න. තමාගේ හැඟීම් වලින්ම මේක වෙනස් කරන්න. නමුත් එහෙම වෙන්නේ නැත්නම් තමයි අපිට විශේෂ කාර්යය බලකාය දාලා මේවා කරන්න වෙන්නේ. ඉතිං මම හිතන්නේ නැවතත් අපි පුරවැසියන් හැටියට රටට ආදරය කරන පිරිසක් විදිහට මේ ගැන බැලිය යුතුයි.  විවිධ ප්‍රශ්න මැද්දේ බලපෑම් මැද්දේ මේ කටයුතු ඉතාමත් හොඳින් කරන එක ගැන මම තේ මණ්ඩලයට ඉතාමත් ස්තූතිවන්ත වෙනවා. පොඩි පොඩි අඩුපාඩුකම් තියෙන්න පුළුවන් ඒවා බලලා අපි ඒවාට විසඳුම් ලබා දෙන්න අවශ්‍යයි. එම නිසා තේ කර්මාන්තය දෙස පුළුල් ලෙස බැලුවොත් අපි තරඟකාරීභාවයෙන් එම  නිෂ්පාදනයෙන් ටිකින් ටික අඩු වෙනවා. අපි දැන් හතර වන තැනට ඉන්නේ. කෙන්යාවට පසුව අපි ඉන්නේ.   අපි හිතනවා මිලියන 300 ,310ක් හා  350 තමා උපරිමය ගිහිල්ලා තියෙන්නේ. නමුත් අවුරුදු 10න් අපි කොතන ද කියන එක ඇසිය යුතුයි. එම නිසා නොයෙකුත් මත තියෙනවා තේ කර්මාන්තය සම්බන්ධයෙන්.

විශේෂයෙන්ම තේ ප්‍රති අපනයනය ගැන මත ගොඩක් තියෙනවා. අපි යම් තේ ප්‍රමාණයක් ගෙන්නලා ඒවාට අපේ තේ මිශ්‍ර කරලා කලාපයක් හදලා ඒ කලාපයේ  තේ වලින් අගය එකතු කිරීමෙන් තේ අපනයනයට අවකාශය ලබා දෙන්න කියලා. සමහර විට ඒකත් හොඳ අදහසක් වෙන්න පුළුවන්. මම නෑ කියන්නේ නෑ. නමුත් මගේ අත්දැකීම අනුව තමයි කලාප සම්බන්ධයෙන් ගත්තොත් ඒ කලාපයට එන සියලු දේවල් එළියට එනවා. ඒකයි අපේ රටේ ක්‍රමය. අපි යම් දෙයක් හොඳ හිතකින් කරනවා නමුත් එය අනිත් පැත්තට යන්න පුළුවන්. මම විශේෂයෙන්ම දන්නවා BOI කලාප වලින් කිසිම දෙයක් එළියට යන්න බෑ කියලා. නමුත් ඒක සිද්ධ වෙනවා. ඉතිං අපි කලාපයකට ප්‍රති අපනයනයට තේ ගේනවා නම් මට අනිවාර්යෙන් ගැරන්ට් එකක් දෙනවා නම් කවුරු හරි මම ඇමති හැටියට ක්‍රමවේදයක් දනවා මේ එන තේ ටික එළියට යන්න බෑ කියලා එතකොට අපිට මේ ගැන සිතන්න පුළුවන්. නමුත් දැනට මට එහෙම විශ්වාසයක් නෑ. මොකද එතනත් වෙන්නේ දූෂණය හා මුදල් හම්බ කිරීම. තේ ගෙනල්ලා ප්‍රති අපනයනයට කියලා 10% 15% එළියට දාන්න පුළුවන්. එවිට අපේ තේ කර්මාන්තයට අනිසි බලපෑමක් ඇති වෙන්න පුළුවන්. මට ඒකට කිසිසේත්ම ඉඩ දෙන්න බෑ. ඉතිං මම කියන්නේ තේ කර්මාන්තයේ ප්‍රධාන කොටස්කරුවන් පස් දෙනෙක් ඉන්නවා මේ පස් දෙනාම එකතු වෙලා මට මාස්ටර් ප්ලෑන් එකක් දෙන්න. මම ඒ සැලැස්ම ක්‍රියාත්මක කරන්න දිවි හිමියෙන් කැප වෙලා වැඩ කරනවා. නමුත් ඒ පස් දෙනා අතරත් නොයෙක් මත තියෙනවා. ඒ මත එකතු කරලා එක තැනකට එන එක තමයි අමාරු. නමුත් එකතු වෙලා නොහිටියොත් තේ කර්මාන්තය ඉදිරියට ගෙනියන්න අමාරුයි.  අපිට අපේ තේ කර්මාන්තය ගැන ආඩම්බර වෙන්න පුළුවන්. මම උත්සාහ කළේ තියෙන තේ කර්මාන්තය එලෙසම ආරක්ෂා කරන්න. මම හිතන්නේ මම ඒක කරලා තියෙනවා. මේ අවුරුදු හතරේ අපිට හොඳ තේ මිලක් ලැබිලා තියෙනවා. අපේ නිෂ්පාදන හොඳ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. 

ඉතිං අද මේ විවෘත කළ ගොඩනැඟිල්ල හරහා ජනතාවට අවශ්‍ය සේවය තවත් ශක්තිමත්ව පුළුල්ව ලබා දෙන්න බලා දෙන්න බලාපොරොත්තු වෙන පුද්ගලයෙක් හැටියටත් නුදුරු අනාගතයේදී අපි ඉතා දැවැන්න රෝහලක් මේ නුවරඑළියට ලබා දෙනවා. තව අපි නුවරඑළියේ ජනතාවට විශාල වෙළඳ සංකීර්ණයක් අපි ලබා දෙනවා. ඒ වගේම ඉතාමත් ඉක්මණින් ලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතිය පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. අපි දැවැන්ත සංවර්ධනයක් ඉදිරියේදී කරනවා. මම වැවිලි සමාගම් වලින් ඉල්ලන්නෙත් මීට වඩා හොඳට මේ ප්‍රදේශයේ වැවිලි කටයුතු කරන්න. මොකද ජනතාවගෙන් නැගෙන චෝදනාවක් තමයි වැවිලි සමාගම්වල සේවයෙන් සිදුවන අඩඅපාඩුකම් ඔවුන් පෙන්වා දෙනවා. ඉතිං වැවිලි කර්මාන්ත ඇමති හැටියට මටත් යම් යම් දේවල් පේනවා.  සමාගම් වලට ඉඩම් දීලා තියෙන්නේ ඒවා ජනතාවගේ ඉඩම්.  නමුත් ඉන් සමාගම් ලාභ උපයා ගන්නවා නම් මිනිස්සුන්ගේ දුකත් බලලා ඒ ඉඩම් නැවත ලබා දෙන්න පුළුවන් වෙන විදිහට ඔබතුමන්ලා කටයුතු කරන්න කියලා ම ඉල්ලා සිටිනවා.  වැවිලි කර්මාන්ත ඇමති හැටියට මට සතුටු වෙන්න පුළුවන් දැන් 73%ම නිෂ්පාදනයට එන්නේ කුඩා තේ වතු හිමියන්ගෙන්. ඒ අතරට විශාල සමාගම් හිමියනුත් ඉන්නවා. ඉතිං ඒ නිසා සමාගම් හිමියන්ගෙන් මම ඉල්ලනවා මේ භූමිය ආරක්ෂා කරන්න කියලා. විශේෂයෙන්ම නැවත වගාව හරියට කරන්න.

Recommended For You

About the Author: Editor