ක‍්‍රිකට් මෞලි මංගල්‍ය හෙට සිට

12 වැනි ක‍්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය හෙට (30) එංගලන්තයේදී ආරම්භ වීමට අවශ්‍ය සියලූ කටයුතු මේ වන විට සූදානම්ව තිබෙනවා.

මෙම තරගාවලියට මුහුණ දීම සඳහා ලෝකයේ ප‍්‍රබලතම එක්දින කණ්ඩායම් 10 මේ වන එංගලන්තයට පැමිණ සිිටිනවා. ඒ එංගලන්තය, ඔස්ටේ‍්‍රලියාව, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, දකුණු අප‍්‍රිකාව, නවසීලන්තය, බටහිර ඉන්දිය කොදෙව්, සහ ශ‍්‍රී ලංකාවයි.

තරගාවලියේ ආරම්භය සටහන් වන්නේ සත්කාරක එංගලන්තය සහ දකුණු අප‍්‍රිකාව අතර පැවැත්වෙන තරගය සමගයි. එම තරගය පැවැත්වෙන්නේ් ලන්ඩන් නුවර කොනින්ටන් ඕවල් ක‍්‍රිඩාංගනයේදීයි.

1845 දී ජාත්‍යන්තර ක‍්‍රිකට් තරග පැවැත්වීම සඳහා වරම් හිමිකර ගත් ඕවල් ක‍්‍රීඩංගණය ලොව පැරණිම ක‍්‍රිකට් ක‍්‍රිඩාංගණයක් වශයෙන් සැලකෙනවා.

ලෝක ක‍්‍රිකට් කුසලාන තරගාවලිය සති හයක් පුරා පවැත්වෙන අතර තරගාවලියේ සමස්ත තරග සංඛ්‍යාව 48ක් බවයි වාර්තා වන්නේ.

තරගාවලියේ පළමු වටතේ තරග ‘‘රවුන් රොබින් ක‍්‍රමයට’’ හෙවත් ප‍්‍රතිවාදී සියලූම කණ්ඩායම් හමුවන ආකාරයෙන් සකස් කර තිබෙනවා. ඒ අනුව එක් එක් කණ්ඩායම තරග 09කට මුහුණ දිය යුතුව තිබෙනවා.

පළමු වටයේ ප‍්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 04 අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබනවා.

එම වටයේ පරාජිතයින්ට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවන අතර ජයග‍්‍රාහී කණ්ඩායම් දෙක අවසන් තරගයට මුහුණ දෙනවා.

ජයග‍්‍රාහකයින්ට හිමිවන දේ

තරගාවලියේ ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් 4,000,000ක් ද අනුශූරයින්ට ඇමෙරිකානු ඩොලර් 2,000,000ක් ද හිමිවෙනවා.

අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායමකට ඩොලර් 800,000ක් ද පළමු වටයේ තරග ජය ගන්නා කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් 40,000 බැගින් හිමිවන අතර තරගාවලියේ සහභාගිත්වය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් 100,000ක් හිමිවෙනවා.

ශ‍්‍රී ලංකාවේ පළමු තරගය

ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පළමු තරගය ජූනි 01 වැනිදා කාඩිෆ් හි පිහිටි ‘‘සොෆියා ගාර්ඞ් ක‍්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor