චේන්ෂෝ ආනයනය තහනම් කිරීමට යයි: අලූතින් වඩුමඩුත් යළි ලියාපදිංචි නෑ

චේන්ෂෝ මෙරටට ගෙන්වීම තහනම් කිරීම සඳහා කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරන ලෙස ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇත.

ජනපතිවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රගති සමාලෝචන රැුසවීමට අද (29) පෙරවරුවේ එක් වෙමිනි.
විෂය භාර අමාත්‍යවරයා ලෙස අද පෙරවරුවේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගිය ජනාධිපතිවරයා එහි කටයුතු සොයා බැලීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග හමුවකට එක් විය.

මෙහිදී අලූතින් වඩුමඩු ලියාපදිංචිය අත්හිටුවීම කෙරෙහි ද අවධානය යොමු වී ඇත.

Recommended For You

About the Author: Editor