
වින්ඩොව්ස් 10 මෙහෙයුම් පද්ධතියේ නවතම යාවත්කාලීනය වන 2019 මැයි මස යාවත්කාලීනයෙහි යම් දෝෂ පිලිබදව වාර්තාවීමක් දක්නට ලැබෙන අතර මේ හේතුවෙන් තවත් සති කිහිපයක් යනතුරු වින්ඩොව්ස් 10 මෙහෙයුම් පද්ධතියේ නවතම යාවත්කාලීනය ලබා නොගන්නා ලෙසත් මෙවර වින්ඩොව්ස් 10 යාවත්කාලීනයෙහි කැපී පෙනන සුවිශේෂී භාවයක් ඇති වුවත් මෙම යාවත්කාලීනය නිකුත් කොට තවම දින කිහිපයක් බැවින් කඩිමුඩියේ මෙම යාවත්කාලීනය ලබාගැනීමට කටයුතු නොකරනා ලෙසත් එලෙස සිදුකරනවා නම් ඔබගේ පරිගණකයේ c තැටියෙහි අඩංගු දත්ත වල පිටපතක් තබාගෙන සිදුකරන ලෙසත් යාවත්කාලීන සිදුකිරීමෙන් පසුව දින කිහිපයක් යනතුරු පරිගණකයේ c තැටියෙහි ඇති පැරණි වින්ඩොව්ස් ෆෝල්ඩරය ඉවත් නොකරනා ලෙසත් එලෙස පැරණි වින්ඩොව්ස් ෆෝල්ඩරය තබාගැනීම මගින් යම්හෙයිකින් කිසියම් දෝෂයක් හදුනාගැනීමට හැකි වුවහොත් එම දෝෂ මගහරවා ගැනීමට ඔබට නැවතත් පැරණි වින්ඩොව්ස් යාවත්නකාලීනය වෙත පියමැනීමට හැකියාව ලැබෙන බව ශ්රී ලංකා පරිවර්තන සමූහය ලෙස දැනුම්දීමට කැමැත්තෙමු.