නවසීලන්ත ගුරුවරුන් 50,000ක් මහ පාරට

අඩු වැටුප් සහ අහිතකර රැුකියා පරිසරය ගැන ගැටලූ තිබෙන්නේ ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල ගුරුවරුන්ට යැයි කියන මතය ඊයේ නවසීලන්තයේ ගුරුවරුන් 50,000කට අධික පිරිසක් කළ දැවැන්ත වැඩවර්ජනය සමග බිඳ වැටුණා.

වැටුප් ඉහළ නංවා ගැනීම, වඩාත් හිතකර රැුකියා පරිසරයක් බිහිකර ගැනීම මෙන්ම තම වෘත්තියට නිසි ගරුත්වයක් ලබා දෙන ලෙස ඉල්ලමිනුයි නවසීලන්තයේ ගුරුවරුන් වැඩවර්ජනය කළේ.

මෙම උද්ඝෝෂණය සඳහා ප‍්‍රාථමික හා උසස් පාසල් ගුරුවරුන් ද සහභාගීවී සිටි අතර නවසීලන්ත ඉතිහාසය තුළ වාර්තා වූ දැවැන්තම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයට ඔවුන් ඊයේ තම සහභාගීත්වය ලබා දුන්නා.

නවසීලන්ත මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙය අද ඊයේ නිර්මාණය වූ ගැටලුවක් නොවෙයි. වත්මන් පාලක කම්කරු පක්ෂ සභාග ආණ්ඩුව පිහිට වූ 2017 වර්ෂයේ සිටම ගුරුවරුන් ඉහත සඳහන් ගැටලූ විසඳාලන මෙන් ඉල්ලමින් උද්ඝෝෂණයේ නිරත වෙනවා.

මේ අතර නවසීලන්ත මාධ්‍ය සඳහන් කරන්නේ කොතරම් දැවැන්ත උද්ඝෝෂණ ක‍්‍රියාමාර්ග තුළින් තම වැටුප සියයට 15කින් ඉහළ නංවා ගැනීමට ගුරුවරුන් උත්සාහ කළත් නවසීලන්ත රජය එයට කන් නොදෙනු ඇති බවයි.

‘‘අපට එවැනි විශාල වියදමක් දැරීමට මුදල් නැහැ’’ අපි ධනවත් යැයි සිතා සිටින නවසීලන්ත ආණ්ඩුව කියන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

Recommended For You

About the Author: Editor