
පවුල් ලක්ෂ 6කට අලුතින් සමෘද්ධි හිමිකම් ලබාදීමේ ජාතික උත්සවය අද (30) අම්පාර නගරසභා ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන බව ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි.
”අලුතෙන් සිතමු දිරියෙන් නැගිටිමු”’තේමාව යටතේ දිළිඳුකමේ හෙට දවසේ අභියෝග නිසැකවම හමුදුනාගෙන එය ජයගැනීම මෙම සමාජ මෙහෙවරේ අභිලාෂය වෙයි.
ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතාගේ ආරාධනයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආශිර්වාදයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ජාතික උත්සවය පැවැත් වෙයි.