විවාහයට පෙර තැලසීමියා රුධිර පරීක්ෂණයක අවශ්‍යතාව

‘තැලසීමියාව’ පිළිබද ලාංකිකයන් තවමත් දැනුවත්ව ඇත්තේ ඉතාම සුළු වශයෙන් පමණයි. ඇතමුන් ඒ පිළිබද දැනුවත් වුවත් ඒ පිළිබද දක්වන අවධානය නම් අල්පයි.

ඔබ දන්නවාද නවතම වාර්තාවලට අනුව ලංකාවේ ජනගහණයෙන් තුනෙන් දෙකක් පමණම තැලසීමීයා රෝග වාහකයන් බවට තහවුරු කර ඇත. තැලසීමියා රෝගය සෘජුවම මව්පියන්ගේ ජානවලින් උරුම වන රෝගයකි. රුධිරයේ ඇති රතු රුධිරාණු බිදීයාම මෙහි ලක්ෂණයයි. රුධිරයේ ඇති හිමොග්ලොබින් වල ග්ලොබින් ප්‍රෝටීනය  නිපදවීම අඩාල වීමෙන් මෙලෙස රතු රුධිරාණු බිදී යාම සිදු වේ.එමගින් අක්මාව හා ප්ලීහාව ඉදිමී උදරය ඉදිරියට නෙරා ඒම සිදු වේ. මීට අමතරව ඇටමිදුලු පළල් වී ශරීරයේ හැඩය වෙනස්වීමද සිදු වෙයි.

මෙහි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම ඉපදී පළමු වසර තුළ දැකිය හැකි අතර දරුවා සුදුමැළි වීම කහ පැහැයට හැරීම වර්ධනය අඩාල වීම ක්‍රියාශීලී බව අඩුවීම වැනි රෝග ලක්ෂන පෙන්වයි.මෙවන් අවස්ථාවලදි ප්‍රථිකාර වශයෙන් මසකට වරක් රුධිර පාරවිලයනයක් සිදුකල යුතුයි.කෙසේ වෙතත් නිතර රුධිර පාරවිලයනයෙන් රතු රධිරාණු බිදී යාමෙන් එකතු වන යකඩ අක්මාව හෘදවස්තුව වැනි අවයව වලද අග්න්‍යාශය හා පිටියුටරි වැනි හෝමෝන නිපදවන ග්‍රන්ථි වලද තැන්පත්වීම නිසා එම අවයව වල ක්‍රියාකාරීත්වයද අඩාල වීමට ලක් වේ.මේ නිසා මසකට වරක් රුධිරය ලබා දීමත් වැඩිපුර තැන්පත්වූ යකඩ ඉවත්කිරීම සදහා වූ ප්‍රතිකාරත් සිදුකල යුතු වේ.

තැලසීමියා රෝගය පරම්පරාවෙන් පරම්පරාවට ඇදි එන්නක් නිසා ඔබ යම් හෙයකින් තැලසීමියා වාහකයෙකු නම් බිය විය යුතු නොවේ.තැලසිමියා වාහකයෙකු කිසිවිටක කායිකව හෝ මානසිකව රෝගී අයෙක් නොවේ.මෙය නිරෝගී තැලසීමියාව පිළිබද ලාකිකයන් තවමත් දැනුවත්ව ඇත්තේ ඉතාම සුළු වශයෙන් පමණයි.ඇතමුන් ඒ පිළිබද දැනුවත් වුවත් ඒ පිළිබද දක්වන අවධානය නම් අල්පයි.ඔබ දන්නවාද නවතම වාර්තාවලට අනුව ලංකාවේ ජනගහණයෙන් තුනෙන් දෙකක් පමණම තැලසීමීයා රෝග වාහකයන් බවට තහවුරු කර ඇත.තැලසීමියා රෝගය සෘජුවම මව්පියන්ගේ ජානවලින් උරුම වන රෝගයකි.රුධිරයේ ඇති රතු රුධිරාණු බිදීයාම මෙහි ලක්ෂණයයි.රුධිරයේ ඇති හිමොග්ලොබින් වල ග්ලොබින් ප්‍රෝටීනය නිපදවීම අඩාල වීමෙන් මෙලෙස රතු රුධිරාණු බිදී යාම සිදු වේ. එමගින් අක්මාව හා ප්ලීහාව ඉදිමී උදරය ඉදිරියට නෙරා ඒම සිදු වේ.මීට අමතරව ඇටමිදුලු පළල් වී ශරීරයේ හැඩය වෙනස්වීමද සිදු වෙයි.

මෙහි රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම ඉපදී පළමු වසර තුළ දැකිය හැකි අතර දරුවා සුදුමැළි වීම කහ පැහැයට හැරීම වර්ධනය අඩාල වීම ක්‍රියාශීලී බව අඩුවීම වැනි රෝග ලක්ෂන පෙන්වයි.මෙවන් අවස්ථාවලදි ප්‍රථිකාර වශයෙන් මසකට වරක් රුධිර පාරවිලයනයක් සිදුකල යුතුයි .කෙසේ වෙතත් නිතර රුධිර පාරවිලයනයෙන් රතු රධිරාණු බිදී යාමෙන් එකතු වන යකඩ අක්මාව හෘදවස්තුව වැනි අවයව වලද අග්න්‍යාශය හා පිටියුටරි වැනි හෝමෝන නිපදවන ග්‍රන්ථි වලද තැන්පත්වීම නිසා එම අවයව වල ක්‍රියාකාරීත්වයද අඩාල වීමට ලක් වේ.මේ නිසා මසකට වරක් රුධිරය ලබා දීමත් වැඩිපුර තැන්පත්වූ යකඩ ඉවත්කිරීම සදහා වූ ප්‍රතිකාරත් සිදුකල යුතු වේ.

තැලසීමියා රෝගය පරම්පරාවෙන් පරම්පරාවට ඇදි එන්නක් නිසා ඔබ යම් හෙයකින් තැලසීමියා වාහකයෙකු නම් බිය විය තත්වයක්. තැලසිමියා වාහකයා මැලේරියා රෝගයට ඔරොත්තු දෙන හෘද රෝග අවදානම අවම අයෙක්.තැලසීමියා වාහකයෙකු සමග සාමාන්‍ය තත්වයේ කෙනෙකු විවාහවීම ගැටළුවක් නොවේ.ගැටළුවක් වන්නේ තැලසීමියා වාහකයන් දෙදෙනෙකු අතර සිදුවන විවාහයක් පමණි. එහිදී තැලසීමියා රෝගී දරුවන් බිහිවන නිසා වාහකයන් දෙචෙනෙකු අතර විවාහය සිදු නොවිය යුතු ය.

වඩා වැදගත් වන්නේ ඔබ තැලසීමියා රෝග වාහකයෙකු ද යන්න දැන ගැනීමයි.මේ සදහා ඔබ කල යුත්තේ රුධිර පරීක්ෂාවක් සිදු කර ගැනිමයි.මේ සදහා සම්පූර්ණ රුධිර සෛල ගණනය කරන පරීක්ෂාව(FBC) මූළිකව සිදු කරයි.එයින් රුධිරයේ අඩංගු හිමොග්ලොබින් ප්‍රමාණය එක් රුධිර සෛලයක පරිමාව සහ රතු රුධිර සෛලයක අඩංගු මධ්‍යස්ථ හිමොග්ලොබින් ප්‍රමාණය පරීක්ෂා කරන අතර එම අගයන් සාමාන්‍යෙයන් තිබිය යුතු අගයට වඩා අඩු අගයක් ගන්නා අවස්ථා වලදී තැලසීමියා වාහක තත්වය හදුනාගැනීමට HPLC පරීක්ෂණ සිදු කරනු ලබයි.

සාමාන්‍යයයෙන් වයඹ පලාත තුළ පාසල් වලදී තැලසීමියා රෝග පරීක්ෂණය සිදු කිරීමක් දැකගත හැකිය.‍ෙමහිතෙමා තැලසීමියා රෝග වහකයෙක්ද නැතිද යන්න සදහන් වන කාඩ්පතක් නිකුත් කිරීම ද දැකගත හැකිය.කෙසේ වෙතත් ඔබ වයස අවුරුදු 12ට වැඩි අයෙක් නම් තැලසීමියා රෝග පරීක්ෂණයකට යොමුවී වැදගත්බව කිව යුතුම ය.

සටහන – මධුභාෂිණි උරේෂා කුමාරි

Recommended For You

About the Author: Editor