
12 වැනි ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අද ආරම්භ වෙනවා. ඒ අනුව අද දින (මැයි 30) සිට ජූලි 14 වැනිදා පැවැත් වෙන අවසාන මහා තරගය දක්වා එංගලන්තයේදී සහ වේල්සයේදී මෙම තරග පැවැත්වෙනවා.
ඒ අනුව ජූලි 09 වැනිදා පළමු අවසන් පූර්ව තරගයත්, ජූලි 11 වැනිදා දෙවැනි අවසන් පූර්ව තරගයත් පැවැත්වීමට නියමිතයි.
ලෝක කුසලානය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන පළමු තරගය ජූනි 01 වැනිදා නවසීලන්තය සමග,
ජූනි 04 – ඇෆ්ගනිස්ථානය
ජූනි 07 – පාකිස්ථානය
ජූනි 11 – බංග්ලාදේශය
ජූනි 15 – ඕස්ටේ්රලියාව
ජූනි 21 – එංගලන්තය
ජූනි 27 – දකුණු අප්‍රිකාව
ජූලි 01- බටහිර ඉන්දිය කොදෙව්, සමග පැවැත්වීමට නියමිතයි.
මේ සමග ලෝක කුසලානයට සහභාගී වන එක්දින කණ්ඩායම් 10ට හිමි ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ගැනත් බොහෝ දෙනකුගේ අවධානය යොමු වී තිබෙනවා.
එය පිළිවෙළින් මෙසේ දැක්විය හැකියි. (ඒ ඒ කණ්ඩායම සතු ප්‍රසාද ලකුණු සංඛ්‍යාව වරහන් තුළ දැක්වෙනවා)
එංගලන්තය (125) ඉන්දියාව (121) දකුණු අප්‍රිකාව (115) නවසීලන්තය (113) ඕස්ටේ්රලියාව (109) පාකිස්ථානය (94) බංග්ලාදේශය (90) බටහිර ඉන්දිය කොදෙව් (77) ශ්‍රී ලංකාව (76) සහ ඇෆ්ගනිස්ථානය (63)