කරදිය වළල්ලෙන් එහා කාලීන සිදුවීම්

මෝදි දිවුරුම් දෙයි

ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ලෙස භාරතීය ජනතා පක්ෂ නායක නරේන්ද්‍ර මෝදී ඊයේ සවස 07.00ට ඉන්දිය ජනපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

මහත් අභිමානයෙන්, අති උත්කර්ෂවත් ආකාරයෙන් පැවැති මෙම අවස්ථාව රාහුල් ගාන්ධි, සෝනියා ගාන්ධි ඇතුළු ඉන්දීය දේශපාලනඥයින් ද, ශ‍්‍රී ලංකාවේ ජනපති මෛත‍්‍රීපාල සිරිසේන ඇතුළු රාජ්‍ය නායකියින් ද ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් සහභාගී වුණා.

සභාගයක් අටවා ගැනීමට නොහැකි වූ ඊශ‍්‍රායලයට යළි හදිසි මහ මැතිවරණක්

පසුගිය අපේ‍්‍රල් 09 වැනිදා සිට ඊශ‍්‍රායලයේ පවතින දේශපාලන අස්ථාවරත්වයට කඩිනම් විසඳුමක් ලෙස ඊශ‍්‍රායල් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඊයේ (30) එරට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් බහුතරය 74/45ක් ඡුන්දය ප‍්‍රකාශ කළා. ඒ අනුව ඉදිරි මහ මැතිවරණය ලබන සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙනු ඇති බවයි ඊශ‍්‍රායල් ජනමාධ්‍ය විශ්වාස කරන්නේ.

ඊශ‍්‍රායල් පාර්ලිමේන්තුව මෙවැනි ඉරණමකට මුහුණ දුන්නේ පසුගිය අපේ‍්‍රල් මස 09 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය බහුතර බලය කිසිදු දේශපාලන පක්ෂයක් විසින් දිනා නොගත් නිසයි. ඒත් එම මැතිවරණයෙන් වැඩි ආසන ගණනක් දිනාගත් ජ්‍යේෂ්ඨ දේශපාලනඥයෙකු වන ‘බෙන්ජමින් නෙන්යාහු’ නව සභාගයක් පිහිටුවන බවට පොරොන්දුව පිට අගමැති පදවිය භාර ගත්තා. ඒ අනුව මැයි 29 වැනිදා මධ්‍යම රාත‍්‍රිය වන තෙක් නව සභාග ආණ්ඩුව පිහිටුවා ගැනීමට කාලය ලබාදී තිබුණා.

එහෙත් එකී අභියෝගය ජය ගැනීමට නෙතන්යාහුට හැකියාවක් ලැබුණේ නැහැ. ඊයේ රැුස් වූ ඊශ‍්‍රායල් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු මේ සඳහා වන එකම විසඳුම යළි මහ මැතිවරණයකට යාම බව තීරණය කළා. ඒ අනුවයි ඡන්ද විමසීම සිදු වුණේ.

නෙතන්යාහු කියන්නේ වත්මන් ඊශ‍්‍රායලයේ සිටිම කෘතහස්තම දේශපාලනඥයායි. ඔහු වැඩිම කාලයක් ඊශ‍්‍රායලය පාලනය කළ පුද්ගයා බවට පත්වීමට නියමිතව තිබුණේ. ඒත් ඔහු තම දීර්ඝ කාලීන දේශපාලන දිවියේ අසීරුතම අවස්ථාවටයි මෙවර මුහුණ දුන්නේ.

ඒ සමග මීළඟ මහ මැතිවරණය නෙතන්යාහුට එතරම් සුභ නොවනු ඇති බවයි ඊශ‍්‍රායල් මාධ්‍ය වාර්තා කරන්නේ.

පැපුවා නිව්ගිනියාවට නව අගමැතිවරයෙක්

පැපුවා නිව්ගිනියාවේ දින කිහිපයක් පැවැති දේශපාලන අස්ථාරවත්වය නිමා කරමින් නව අගමැතිවරයා ලෙස අත්දැකීම්වලින් පිරිපුන් ජ්‍යේෂ්ඨ දේශපාලනඥයෙක් වන ‘ජේම්ස් මාරාපේ’ ඊයේ දිවුරුම් දුන්නා.

පක්ෂ නායකත්වයෙන් සහ අග‍්‍රාමාත්‍ය පදවියෙන් ඉල්ලා අස් වූ හිටපු අගමැති ‘පීටර් ඕ’නෙයිල්’ගේ රජයේ මුදල් අමාත්‍ය පදවිය දැරුවේ මාරාපේ විසිනුයි.

Recommended For You

About the Author: Editor