ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ප්‍රකාශ කරන්න එපා කියලා සාක්කිකරුවන්ට අවධාරණය කළා – ජයම්පති වික්‍රමරත්න

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ සාක්ෂි දුන්නේ සත්‍ය ප‍්‍රකාශ කරන බවට දිවුරුම්දීමෙන් පසුවයි

පාස්කු ඉරිදා සිදුවීම් මාලාව සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම පිණිස පත් කළ විශේෂ කාරක සභාව පෙරේදා (29) පාර්ලිමේන්තු සංකීර්ණයේ දී රැස් වූ අවස්ථාවේ දී සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි විමසීමට පෙර ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ ප්‍රකාශ මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ නොකරන ලෙස සාක්ෂිකරුවන් වෙත දැනුම් දුන් බව එම කාරක සභාවේ වැඩ බලන සභාපතිවරයා ලෙස කටයුතු කළ මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා කියයි.

ආචාර්ය ජයම්පතී වික‍්‍රමරත්න මහතා මේ බව සඳහන් කළේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ක‍්‍රියාවලිය හේතුවෙන් ජාතික ආරක්ෂාවට සහ බුද්ධි අංශ ක‍්‍රියාකාරීත්වය බරපතළ තර්ජනයක් එල්ල වී ඇතැයි ඇතැම් ජනමාධ්‍ය සහ විපක්ෂ විසින් සිදුකරන ප‍්‍රකාශ පිළිබඳව ඒ මහතාගේ ස්ථාවරය දැන ගැනීමට lankaepress කළ විමසීමකදීය.

තමා වරින් වර ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයේ තොරතුරු මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ නොකරන ලෙසත් මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළ නොහැකි තොරතුරු වේ නම් ඒ පිළිබඳ තමන් වෙත දැනුම් දෙන ලෙසත් කිහිප වතාවකදීම සාක්කිකරුවන්ට දැනුම් දුන් බව ද ඒ් මහතා පැවසීය.

ඒ අනුව සාක්ෂි කරුවන් සාක්ෂි දෙන අවස්ථාවන්වල දී මාධ්‍යවේදීන් එම ස්ථානයෙහි රැඳී සිටිය ද වැඩ බලන සභාපතිවරයා ලෙස තමාගේ ගේ අභිමතය පරිදි මාධ්‍යවේදීන් කිහිප වතාවක්ම ඉවත් කිරීම ද සිදු වූ බව ද ජයම්පති වික්‍රමරත්න මහතා කියයි.

එමෙන්ම සාක්ෂි කරුවන් විශේෂ කාරක සභාව ඉදිරියේ සාක්ෂි ඉදිරිපත් කිරීම ආරම්භ කිරීමට පෙර ලබාදෙන සාක්ෂි නිවැරැදි හා සත්‍ය බවට දිවුරුමක් ලබාදීම ද සිදු වූ බවත් සාක්ෂිකරුවන් සාක්ෂි ලබාදෙන අවස්ථාවේ දී තමා එම දිවුරුම ද සාක්ෂිකරුවන් වෙත වරින් වර සිහිපත් කළ බවත් ජයම්පති වික්‍රමරත්න මහතා කියයි.

Recommended For You

About the Author: Editor