නොසිතූ අභග්‍ය හමුවේ එංගලන්තයට සුපිරි ජයක්

වසර හතරක් පුරා බලා සිටි ඒ ඓතිහාසික මොහොත උදා වුණා. ලෝ පරසිදු කේවින්ටන් ඕවල් ක‍්‍රීඩාංගණයට රැස් වූ දස දහස් සංඛ්‍යාත ක‍්‍රීඩා ලෝලීන් නෙත් අයාගෙන පිටිය දෙස බලා සිටියා. පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව හිමිකර ගත්තේ සත්කාරක එංගලන්ත කණ්ඩායම. ඒ නිසා පේ‍්‍රක්ෂකයින්ගේ උද්යෝගය තවත් ඉහළට නැගුණා.

මංගල තරගයේ කාසියේ වාසිය දිනාගත්තේ දකුණු අප‍්‍රිකාව. ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට එංගලන්තයට ආරාධනා කළා. ඒ අනුව ලෝක කුසලානයේ පහස පළමු වරට විඳ ගැනීමේ මංගල පියවරට පිත්ත ඔසවන ආරම්භක පිතිකරු යුගල, ප‍්‍රහාරාත්මක පිතිකරු ‘ජොනී බෙයාස්ට්‍රෝච් සහ ‘ජෝ රූට්’ දෙස මුළු ලෝකයම බලාගෙන සිටියා.

දකුණු අප‍්‍රිකාව වෙනුවෙන් මංගල පන්දු වාරයට යැවීමේ වරම් දිනාගෙන සිටියේ ‘ඉම්රාන් තාහීර්’ විසිනුයි. ඔහු පළමු පන්දුව යැව්වා. දැන් දෙවැනි පන්දුව, පිතිකරු, එංගලන්තයේ ප‍්‍රහාරාත්මක පිතිකරු ලෙස විරුදාවලිය ලබා සිටින ජොනී යොස්ට්‍රෝට් ඉම්රාන්ගේ පන්දුවට මුහුණ දීමට සූදානම් වුණා.

ඒ තරගයේ දෙවැනි පන්දුව.

ආශ්චර්යයමත් යමක්, එංගලන්තය පැත්තෙන් නොසිතූ ඛේදවාචකයක් සිදු වුණා. ඉම්රාන් තාහීර් ඉතිහාසගත වන ඒ පන්දුවට එංගලන්තයේ පළමු කඩුල්ල, තරගය ආරම්භ කර දෙවැනි පන්දුවේදීම එංගලන්තයේ පළමු කඩුල්ල බිඳ වැටුණා. ජොනී වසර හතරක් පුරා මැව්ව සිහින මොහොතකින් ඉම්රාන් ද එපමණ කාලයක් පුරා දැක්ක සිහිනය අභියස සුනුවිසුණු වුණා.

තම මව්බිමේ ම ආරම්භ කළ මංගල තරගයේ දී දෙවැනි පන්දුවේදීම මෙවැනි දෙයක් ජොනී හෝ එංගලන්ත පේ‍්‍රක්ෂකයින් අපේක්ෂා නොකළ බව නම් සහතිකයි. ඒත් ඒ සිහිනය දකුණු අප‍්‍රිකානුවන් ද දැක තිබුණා.

අසාර්ථක ආරම්භක් සමග ආරම්භ වූ එංගලන්ත – දකුණු අප‍්‍රිකානු තරගය තවත් මොහොතකින් අපේක්ෂ කළ ආකාරයටම තියුණු වුණා. අවසානයේ නියමිත පන්දුවාර 50 අවසන් වන විට කඩුලූ 08කට එංගලන්ත කණ්ඩායම ඉදිරියේ ලකුණු 311ක අති දැවැන්ත ලකුණක් සටහන් වුණා.

එංගලන්තය වෙනුවෙන් සුපිරි පිතිහරඹයක නිරත වූ ‘බෙන් ස්ටෝක්ස්’ 4 පහර 9ක් සමගින් පන්දු 79කට ලකුණු 89ක් රැුස් කළා. නායක ‘ඔයින් මෝගන්’ 4 පහර 4ක් සහ 6 පහර 3ක් සමගින් පන්දු 60කට ලකුණු 57ක් රැස් කළා. 4 පහර 8ක් සමගින් පන්දු 53කදී ලකුණු 54ක් රැස් කිරීමට ජේසන් රෝයි සමත් වුණා.

එංගලන්තයට එරෙහිව දක්ෂ පන්දු යැවීමක නිතර වූ ‘ලූන්ගි එන්ගිඞ්’’ පන්දු ඕවර් 10කදී ලකුණු 66කට කඩුලූ 03ක් ද, ඉම්රාන් තාහීර්් 2/61/10ක් ද, කාගිසෝ රබාඩා 2/66/10ක් ද වාර්තා කළා.

දකුණු අප‍්‍රිකාවටත් නොසිතූ අභාග්‍යයක්

ලකුණු 312ක අසීරු ඉලක්කයක අභියෝගය කරගෙන දකුණු අප‍්‍රිකානු ආරම්භ පිතිකරු යුවල, ‘ක්වින්ටන් ඞී කොක්’ සහ ‘හෂීම් අම්ලා’ පිටියට පිවිසියා. ඔවුන් සාර්ථක ආරම්භයක් ලබා දුන්නා. ඒත් යළිත් නොසිතූ මොහොතක ‘ජොෆ්රා ආවාර්ගේ’ පන්දුවක් අම්ලාගේ හිසේ වැදුණා. ඔහුට ඉනිම අතරමග නතර කර ක‍්‍රීඩාගාරයට යාමට සිදු වුණා. ඒ සමග දකුණු අප‍්‍රිකානු ඉනිම කඩා වැටීම ආරම්භ වුණා. ඊට හේතුව වුණේ ඉදිරිපෙළ පිතිකරුවන් අසාර්ථක වීමයි. මැදපෙළ පිතිකරුවන් යම් ශක්තියක් ලබා දුන්නත් එය පරාජය හමුවේ නැගී සිටීමට ප‍්‍රමාණවත් වුණේ නැහැ.

දකුණු අප‍්‍රිකාව වෙනුවෙන් ‘‘ක්වින්ටන් ඞී කොක් 4 පහර 6ක්, 6 පහර 2ක් සමගින් පන්දු 74කදී ලකුණු 68ක් ද, ‘රසී වැන්ඩර් පන්දු 61කදී ලකුණු 50ක් ද රැස් කළා.

එංගලන්තය වෙනුවෙන් සුපිරි පන්දු යැවීමක නිරත වූ තුන් ඉරියව් ක‍්‍රීඩක ‘බෙන් ස්ටෝක්ස්’ පන්දු වාර 2.5කදී ලකුණු 12කට කඩුළු 02ක් ද ‘‘ලියාම් ප්ලන්කට් පන්දු වාර 07කදී ලකුණු 37කට කඩුලූ 02ක් ද දඩයම් කළා.

අවසානයේ දකුණු අප‍්‍රිකානු කණ්ඩායම පන්දු වාර 39.5කදී ලකුණු 207කට සියලූ දෙනාම දැවී ගියා.

එංගලන්තය සමාරම්භක තරගයේදීම ලකුණු 104ක දැවැන්ත ජයග‍්‍රහණයක් වාර්තා කළා.

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor