
අද (ඇමෙරිකාවේ සිකුරාදා) ඇමෙරිකාවේ වර්ජිනීයා ප්‍රාන්තයේ රජයේ ගොඩනැගිල්ලක් තුළ සිදුවූ වෙඩි තැබීමකින් කම්කරුවන් 12 දෙනෙක් ඝාතනයට ලක්ව තිබෙනවා.
තුවාල ලැබූවන් ගණන 06ක්. ඒ අතර පොලිස් නිලධාරියෙක් ද සිටින බවයි ඇමෙරිකානු මාධ්‍ය සඳහන් කරන්නේ.
මෙම ප්‍රහාරයට සම්බන්ධ වෙඩික්කරු ඝාතනය කිරීමට ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා. ප්‍රහාරයට හේතුව මෙතෙක් වාර්තා වී නැති බවයි වාර්තා වන්නේ.